57 Total Nisadas Found


ශශී❤️? Nisadas Count (57)





ශශී❤️? 3 years ago 128 5 10

Nisadas Image

ආදර දෝණි..

රෝස කැකුලක් වගේ හිනැහුන
මගෙ පුන්චි දූ මගේ පන ටික
නැතිවෙද්දි උබෙ අම්මා උබ හට
යන්තමින් සත් මසයි වයසට..
ලොකු වෙද්දි උබ හෙමින් ටික ටික
වියදමත් හරි සැරයිනේ මට
අම්මා නැති අවිහින්සකම දෝණිට
නොවේ අඩුවක් කලේ නම් මම...
කවුරුවත් නැති උබේ තනියට
හිටියෙ මම විතරයිනේ උබ ලග
ගෙට වෙච්ච දා නොවේ අමතක
නෑව්වෙත් උබ මමනෙ හිස සිඹ...
නිතඹ පහලට ඇදුනු කොන්ඩෙට
ගමේ කොල්ලන් වැටුනෙ වසගෙට
සදක් වන් පිරි උබේ මුහුනට
සෙවල හැලුවේ ගමේ උන් ටික...
යද්දි මග තොට ගමේ කොල්ලන්
කරද්දි විහිලුවක් උබ හට
උබෙ තාත්තා උබේ ලග හිද
කෙරුවෙ පරිස්සම් ඇහැක් වාගෙම...
එදා මූසල වැස්ස දවසක
ආවෙ මම හනි හනික ගෙදරට
අනේ උබෙ රුව දකින්නට නෑ
දිව්වේ මම වැස්සේම පාරට...
සෙව්වමුත් හැම තැනම දෝණිව
නොවේ හමු උනෙ මගේ කරුමෙට
කැලෑ රොද ලග මූකලානක
අනේ උබ හිටියා වැටීගෙන...
බලද්දි මම ලන්ව එතනට
අනේ උබ යන්නම ගිහින් නොවැ
අසික්කිත තිරිසනුන් රැලකට
අනේ උබ ගොදුරක් වෙලා පණ...
උබ දන්නවද මගේ දෝණි
සත්කඩට පැලුනානෙ හදවත
උබ නැතිව මම ඉන්නෙ කොහොමද
පාලු පැලේ පහනක් නොමැතිව...
ඉතින් ගත්තේ ලනුව අතටම
බැන්දේ ගහ උඩ මුදුන් අත්තක
උබේ සිනහව සිහි කරන් මම
ගැටය දැම්මා ගෙලේ මුලටම...

...ශශී...

ශශී❤️? 3 years ago 149 8 20

Nisadas Image

හඩන හදවත ?

උනු වුනා සිත මගේ නුබ ගැන ඉනූ මිහිරැති ප්‍රේමයෙන්
ගොලු වුනා නෙක වචන මුව මැද දුටුව නුබගේ රූපයෙන්
ගිලිහුනා අපි පැතුව පැතුමන් රැයේ නිදි නැති හීනයෙන්
ඉගිලුනා නුබ රැගෙන දිවියම බැදුනු සෙනෙහේ නාමයෙන්...
සදට පබැදිව කවි ලියු ඒ මිහිරි රසතැන් සේදුනා
ගොතපු පදවැල් නුබේ නාමෙන් හමන සුලගේ පාවුනා
බැදුනු දා සිට දෙනෙත් පැටලී සත්තමයි මම පෙම් කලා
මාත් මගෙ හිත අරන් යන්නම් ආයේ නොඑනට වෙන් වෙලා...
අයිති නැති පෙම් දෑස කුමටද මහද මැද ගෙත්තම් කරන්
හඩන මතකෙට නිමාවක් ගෙන දෙන්න අවැසි හිත හදන්
තනිවෙච්ච අපෙ හැගුම් ඉකිබිද ගතු කියූවට මට රවන්
දුරින් ඉමු අපි අපෙ කතාවට නිමාවක් අද එක් කරන්...

ශශී

ශශී❤️? 3 years ago 190 5 8

Nisadas Image

සිරකර ගතිමි තොන්ඩුව මගෙ ගෙල මුලට...

සන්සාරයේ හුරු සුවදක සිත රන්දා
ලන් වුනෙ අපිට අපි නැතුවම බැරි හන්දා
නෙක නෙක පැතුම් සිත වටකර වැට බන්දා
හද පානේම ආවේ මම නුබ කැන්දා

සිවුවස් පෙමක අවසන අපි අපෙ වූදා
හැඩුවා නුබත් රහසෙම පෙම දෝරෙ ගලා
සිහිනෙන් වුවත් සැනසුනෙ නුබ තුරුලු වෙලා
කොහොමද මැනික මම යන්නේ නුබව දමා

එන විට දිනක් හදිසියෙ මම නිවස වෙත
දුටු දසුනින්ම නෙත් බොද වුනි එක පෙලට
පව් කර ඇතිද මම කොපමණ සසර මග
සොහොයුරු සමග නුබ සිටියා යහන මත

දුටු බව නුබේ හොර රැගුමන් නිවස තුල
නුබ නෑ අදත් තව දන්නේ මගෙ මැනික
මගෙ මුලු ලයම සත් කඩකට පැලුනු වග
පවසමි කොහොම නවතාගෙන කදුලු කැට

තරහක් නොවේ කවදාවත් නුබ එක්ක
මදි වෙන්නැතී මගෙ ආදරේ කල් යත්ම
වාවන් ඉන්න මට බෑ දුක හිත එක්ක
නොපතමි ඇසුර නුබෙ ආයෙත් කිසි බවෙක

මොහොතක් අපේ ප්‍රේමය සිහි කරන සද
රසමුසු බොහෝ තැන් තිබුනා මතක මැද
අවසන් වරට මැවුනේ නුබ මුව මඩල
සිරකර ගතිමි තොණ්ඩුව මගෙ ගෙල මුලට

ශශී







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps