ශශී❤️? 1 year ago 45 5 8
සන්සාරයේ හුරු සුවදක සිත රන්දා
ලන් වුනෙ අපිට අපි නැතුවම බැරි හන්දා
නෙක නෙක පැතුම් සිත වටකර වැට බන්දා
හද පානේම ආවේ මම නුබ කැන්දා
සිවුවස් පෙමක අවසන අපි අපෙ වූදා
හැඩුවා නුබත් රහසෙම පෙම දෝරෙ ගලා
සිහිනෙන් වුවත් සැනසුනෙ නුබ තුරුලු වෙලා
කොහොමද මැනික මම යන්නේ නුබව දමා
එන විට දිනක් හදිසියෙ මම නිවස වෙත
දුටු දසුනින්ම නෙත් බොද වුනි එක පෙලට
පව් කර ඇතිද මම කොපමණ සසර මග
සොහොයුරු සමග නුබ සිටියා යහන මත
දුටු බව නුබේ හොර රැගුමන් නිවස තුල
නුබ නෑ අදත් තව දන්නේ මගෙ මැනික
මගෙ මුලු ලයම සත් කඩකට පැලුනු වග
පවසමි කොහොම නවතාගෙන කදුලු කැට
තරහක් නොවේ කවදාවත් නුබ එක්ක
මදි වෙන්නැතී මගෙ ආදරේ කල් යත්ම
වාවන් ඉන්න මට බෑ දුක හිත එක්ක
නොපතමි ඇසුර නුබෙ ආයෙත් කිසි බවෙක
මොහොතක් අපේ ප්‍රේමය සිහි කරන සද
රසමුසු බොහෝ තැන් තිබුනා මතක මැද
අවසන් වරට මැවුනේ නුබ මුව මඩල
සිරකර ගතිමි තොණ්ඩුව මගෙ ගෙල මුලට
ශශී
Deesha(දීෂා)❤️ 1 year ago මෙහෙම ආදර කතා එයාලත් එක්කම පොළොවෙ කොච්චර නම් මියැදෙන්න ඇතිද? ගොඩක් ලස්සනයි අක්කි පදබැඳුම ❤
ශශී❤️? 1 year ago ම්ම්ම් ඔව්.තැන්ක් යූ සුදු නන්ගි.❤️
Naween Perera 1 year ago ???❤️
චතූ 1 year ago ලස්සනයි අක්කේ ❤
ශශී❤️? 1 year ago Naween??
ශශී❤️? 1 year ago Thank u chathu.❤️
නදී ..✍???? 1 year ago Lassanayy akke ❤️
ශශී❤️? 1 year ago Thank u nadee❤️