ශශී❤️? 3 years ago 148 5 8

Nisadas Image

අම්මා.

සැගවූ නුබේ සෙනෙහස හිත අග්ගිස්සේ
දැනෙනවා හොදින් වැටෙනා විට හැමතිස්සේ
නොසැලෙන ලෙසින් නුබ සිටියා පවුරක් සේ
හැම විට ඇද හැලේ නුබෙ පෙම වැස්සක් සේ

රෑ නිදි නැතිව හැලූ කදුලැලි අපමණය
ලේ කිරි කර දුන්නේ අහිතක් නැතිවමය
හැම රෑ නුබෙ ලගින් දැනුනේ උනුසුමය
නුබ හැර දමා හෙට මම යන්නේ කොහොම

සසරම නුබ මගේ මව් වෙන්නට පතමි
මගෙ පණ වගේ නිති නුබ මම රැක ගනිමී
නුබෙ ගුණ කදට උපමා මම නොම බදිමී
දෝතින් බදා නුබේ දෙපතුල සිප ගනිමී

ශශී




Comments (8)

චතූ 3 years ago ලස්සනයි ❤❤

ශශී❤️? 3 years ago Thank u chathu..❤️?

නදී ..✍???? 3 years ago ලස්සනයි අක්කා❤️

ශශී❤️? 3 years ago Thank u nadee nanga.❤️?

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩක් ලස්සනයි සුදු අක්කි❤ අම්මිගෙ ආදරයට උපමා කොහෙන් හොයන්නද නේද?

ශශී❤️? 3 years ago Thank u sudu nangi..ekane.අම්මගේ ආදරේට උපමා නෑ.❤️?

Tharindu Rukshan 3 years ago ලස්සනයි. අම්මගෙ ආදරේ තරම් ආදරයක් මේ ලෝකෙ වෙන කොහෙවත් නෑ❤❤❤

ශශී❤️? 3 years ago Thank u..ow tharindu ekane.❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps