57 Total Nisadas Found


ශශී❤️? Nisadas Count (57)





ශශී❤️? 2 years ago 28 5 8

Nisadas Image

?

දෑතම දිගුකර දිවුරුම් දුන්නට කිසි දින හැරදා නොයමි කියා
ඒ දිවුරුම අද කදුලක දැවටී පවනේ පාවී යයි රිදවා
සෙනෙහස විදිනට නුබගෙන් මොහොතක් මට අවසර නැති බව දැනිලා
නුබ දුර ඈතක පාවී යනු දැක මගෙ සිත සුසුමින් වට කෙරුනා
පෙරදින හමුවී දොඩමලු වූ ඒ සුමිහිරි මතකය අවදි වෙලා
වසන්තයට පෙර ගිලිහුනු කැකුලක් හැගුමන් ලග අද වැද වැටිලා
උයනක වැතිරුනු සීතල පිනි බිදු තුශර හිමේ අද තනිවීලා
ඈතින් පෙනෙනා බොද වූ සිතුවම මා ලය කුසුමේ පරවීලා
පාලුව තනිකම සතර දිගින් විත් විකසිත කුසුමක් ගත වෙලුනා
හැන්දැවක පිපි සමන් පොහොට්ටුව නටුවෙන් ගිලිහී බිම වැටුනා
දෙලොවක් අතරේ සරන මගේ සිත නුබෙ රුව ලග විත් නතර වුනා
ආපසු යන්නට පෙර එක මොහොතක් සුවද තියන්නද දෙතොල් නුරා
ගොම්මන් අදුරේ සිසිල් සුලග වී නුබ මගෙ සවනට රහස් කියා
ඇසිපිය සලනා එකම නිමේශෙන් නුබෙ හඩ දුර ඈතක රැදිලා
පියවෙන දෙනුවන් නුරා මතින් දැන් සයනේ ගුලි වී ගිලන් වෙලා
සුරගන වේශෙන් මා මැවු සිහිනය අද මට නොකියම දුරස් වෙලා

ශශී

ශශී❤️? 2 years ago 19 5 6

Nisadas Image

?

සෙනෙහෙ සිත්තම් කරන නුබේ මන හැගුම් ලග...
නොසැලෙනා මගේ හිත සසල විය මොහොතකට...
දග කරන නුබේ ඇස් මගේ රුව ලග නිතර...
සිපගන්න අවසරද සිහිනෙකින් මගෙ සොදුර...
නුබ මගේ නොව හැගෙන අදුරු ඒ නිමේෂය...
කල්පයක් සේ දැනෙයි කදුලු දෙන ඇස් වලට...
හැන්ගෙන්න නුබේ ඔය සොදුරු හද විල් පතුල...
කාටවත් නොහැගෙන්න පින් පුරමි හැමදාම...
ආකහේ හැමදාම දිදුලනා සද ලගට...
තරුවකට කෙලෙස නම් ලන් වෙන්න හැකිවේද...
දුරින් හිද සැනසෙන්න මගේ දුප්පත් හිතට...
අපේ ලස්සන මතක හැමදාම මට දෙන්න...
බොලද මගෙ හදවතට හැම මොහොතෙ පෙම් කරපු...
නිබදවම ආදරේ නොඅඩුවම පුද දුන්නු...
මියෙන තුරු ආදරේ දලුලන්න පින් කරපු...
මගේ පණ මගෙ වෙන්න මතු බවෙකදී නුදුරු...

ශශී







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps