✍️Nilushi Nisansala✍️
3 years ago
110
5
4
කිම ද ? මේ රජවෙලා විරහව !!!!
ඇඳෙන බැදෙන කලට පෙමට
දුක පමණයි නෙතට සිතට
නොකියම වෙන් වී යනව්ට
හැකිද ? නුඹට දරාගන්න
ඇතමෙක් පෙම් බදිති රුවට
තවකෙකු රැවටෙයි මුදලට
වැඩ්ම ලන්සු තබා පෙමට
විකුණයි හදවත බොරුවට
නැත ලොවේ අන් රසඳුනා
ආදරේ සේ සුවදේනා
විලස ගැයූ පෙම් ගායනා
අද ඇසෙන්නේ පෙම් අදෝනා
තමහිම් නම්න් රැකි පති බලෙන්
මළ සිරුරකට පණ දුන් ලදුන්
හඬතලා දෙව්ලොව කළඹවන්
රැකගත්තේ හිම්යන් මරණයෙන්
අසා ඇතිදැයි නොදනි ඒ බව
එයයි ජාතක සඳකිඳුරු දා කව
එවන් පෙම්වත් පුරා ඇති ලොව
කිමද ?මේ රජවෙලා විරහව !
.................................................