✍️Nilushi Nisansala✍️ 3 years ago 74 7 6
මගේ තුරුලේ සෙවුව උණුසුම
නොසොයා නුඹ නිදියන දිනේ
කතා කිය කිය කැවුව බත් කට
තනිව රස බලනා දිනේ
නුඹ ම තෝරන් තනිව ඇදගත්
ඇදුම හැඩබලනා දිනේ
මොන තරම් ඉක්මනට එනව ද
කියා නිතරම මට දැනේ.
වරු ගණන් නුඹ දිහා බල බල
විදිමී හදවත පූරා දරු පෙම
මොනතරම් සුන්දර ද මගේ දූ
සිතෙනවා මට දකින හැමවර
බිදෙන් බිද දුර යාවී නේදෝ ,
ටිකෙන් ටික උස් මහත් වෙනකොට
ඇයි ඉතින් මේ තරම් කලබල
අනේ! හෙම්හිට යන්න කාලය.
ශශී❤️? 3 years ago ලස්සනයි ???
Shenali Sewwandi 3 years ago ??❤️???
Deesha(දීෂා)❤️ 3 years ago Woow ??
Sewwandi kaushalya 3 years ago ?❤❤
malki 3 years ago ලස්සනයි ??
✍️Nilushi Nisansala✍️ 3 years ago Thankyou my dear friends ?