✍️Nilushi Nisansala✍️ 3 years ago 276 7 3

Nisadas Image

රැවටීම ;

සිනා සී මුහුණට
පිටුපසින් විත්,
පිහියෙන් ? අණින
මුරුංගා අතුවල තියයි
තම වැඩේ කරගන්න ,
ගසා පයින් එළවාවී
අපෙන් පල නැති දාට............

ව්කුණමින් තම
ආත්මය වුව
දුවයි හති දා
? කාසි පසුපස
මසුරුකම නම්
නියං සායෙන්
වියළිලා ඉරිතලා
ඇත හද......................

සෙම් සෙමින්
වියැකෙමින්
ඇත අද,
මනුෂ්‍යත්වය
ලොවේන් සදහට,
නෙතින් කදුළක්
නොම වැටෙන්නට
ගලක් වී අවසන් ය
මනුසිත.............................

ළංව ඇතිකළ
හැර දා නැති විට
දෙන්න නම් හදාවී
දෑතින් ම
රැගෙන පණ,
එපා රැවටෙනූ
තවත් බොරුවට
තම හිසට තම
අතම වූ ලොව...............

Comments (3)

චතූ 3 years ago ලස්සනයි ?

Deesha(දීෂා)❤️ 3 years ago අර්ථවත්, ලස්සනයි ?

✍️Nilushi Nisansala✍️ 3 years ago Thankyou ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps