✍️Nilushi Nisansala✍️ 1 year ago 22 5 4

Nisadas Image

කිම ද ? මේ රජවෙලා විරහව !!!!

ඇඳෙන බැදෙන කලට පෙමට
දුක පමණයි නෙතට සිතට
නොකියම වෙන් වී යනව්ට
හැකිද ? නුඹට දරාගන්න
ඇතමෙක් පෙම් බදිති රුවට
තවකෙකු රැවටෙයි මුදලට
වැඩ්ම ලන්සු තබා පෙමට
විකුණයි හදවත බොරුවට
නැත ලොවේ අන් රසඳුනා
ආදරේ සේ සුවදේනා
විලස ගැයූ පෙම් ගායනා
අද ඇසෙන්නේ පෙම් අදෝනා
තමහිම් නම්න් රැකි පති බලෙන්
මළ සිරුරකට පණ දුන් ලදුන්
හඬතලා දෙව්ලොව කළඹවන්
රැකගත්තේ හිම්යන් මරණයෙන්
අසා ඇතිදැයි නොදනි ඒ බව
එයයි ජාතක සඳකිඳුරු දා කව
එවන් පෙම්වත් පුරා ඇති ලොව
කිමද ?මේ රජවෙලා විරහව !
.................................................

Comments (4)

Deesha(දීෂා)❤️ 1 year ago ? ඒකනෙ විරහව රජ වෙලා ලස්සනයි නිසදැස ගොඩක්ම ❤

චතු ගුණසේකර ? 1 year ago Lassanyi ny dear

චතූ 1 year ago ලස්සනයි ??

ශශී❤️? 1 year ago ගොඩක් දවසකින් ලස්සනයි නිසදැස ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps