✍️Nilushi Nisansala✍️ Nisadas Count (49)
✍️Nilushi Nisansala✍️ 5 years ago 261 6 4
ඉපිද , මියැදෙන, විඳින , විඳවන, නිමක් නොපෙනෙන ජිවිතේ . නිසරු , සරු දේ , හොඳන් වටහා යා යුතුයි මේ මාවතේ . කවදා ? කොතැනක ? කෙලෙස ? නොදැනම යා යුතුයි හැර ජිවිතේ !!!!!
✍️Nilushi Nisansala✍️ 5 years ago 135 4 5
සිඹ කටු පඳුරු ගල්කැට යහමින් පිරුණු නිරුවත් සිඟිති පා තබමින් යන තුරුණු එකම ඇඳුම ඇඳ කිරිකොක් සුද මැරුණු වටිනා මැණික් ඇත ගං දියේ යට ගැසුණු කැලයේ පිපි කුසුම් අකලට පරවෙන කලට පොල් අතු සෙවිලි කළ වහලයේ සෙවණ යට ගුරුවරු නොමැති මුත් සැමදින පාසලට කිරුළු දරන්නයි ගියේ මතු දිනයක හිසට දුප්පත් වී ඉපදුන මුත් දිළිඳු කුලේ අකුරු කරන්නයි පොඩි අපි ආස කලේ හිරු රැස් නොදැක කුසුමන් ම්යදේවී කැලේ අකුරු අඩු ඇයි ගමේ ඉස්කොලේ
✍️Nilushi Nisansala✍️ 5 years ago 102 4 2
වාඩිවී බැංකුවක් උඩ මා බලා සිටියේ නුවර වැව දෙස සිතෙහි ඇති දේ කියාගන්නට නොහැකි නිසා මුනිවතින් තනියම , හමා ආ මද සුළං පොදකින් මා දෙනෙත් යුග වසාගෙන ගිය සොඳුරු දිගු කෙහෙරැලක් අතරින් පළමුවර නුඹ දුටුවේ මා නෙත් සමාවන ලෙස නොයෙක්වර නුඹ කියාසිටි මුත් ඇසුනෙ නැ මට බලාසිටියේ නොසැල්වී මම නොහැකි හින්දායි කතාකරනට, පිළිරුවක් සේ මා සිටිනු දැක සිනහ නැගුනා නුඹේ මුවගට දහසකුත් දේ ඇතත් කියනට වචන නොම එ මගේ මුවගට , තවත් දිනයක නොසිතූ විලසට හමු වුණා මා දෙනෙත් අභියස පැ සිනා මුතු දසන් සඟවා මගේ සිතත් නොදැනීම බැඳුනා කොතැන සිටිමුත් අහස යට අප දිනයක හමුවෙවී නොසිතූ විලසක සිත තුළ ආදරේ කෙලෙස කියන්නද පෙර කළ කරුමෙට ගොළු වූ වරදට උපන් සෙනෙහේ මියදෙනු ඇත රහසේම
✍️Nilushi Nisansala✍️ 5 years ago 110 5 1
71 වන නිදහස සමරන මෙදිනේ සිහිකරලමු දිවිපිදූ විරුවන් දෙරණේ !!!!!!!!!!! එම විරුවන් නොසිටින්නට කිසිදු දිනේ ලෙළදේවිද ???? සිංහ ?? කොඩිය අද ගුවනේ ...............
✍️Nilushi Nisansala✍️ 5 years ago 132 4 1
ගම, දාගැබ,පන්සල තුළ සිත රන්දා ආදී සිංහලේ උතුමන් නිති වැන්දා ආගම සදාචාරය වෙත පෙම් බැන්දා ලෝකෙන් උතුම් රට වූයේ ඒ හින්දා වියැකි ගොස් ඇත අද දහමේ අගය ලොල් වී මතට මිනිසුන් ගෙවනා දිවිය නොදනි ඔවුන්වත් සිදුවන විනාශය අහෝ!සමාජය යන මේ අගාධය මුදවා ගත හැකි වේවිද මේ මිනිසුන් මා පිය නෑ සියන්ගෙ ගලනා කඳුලින් පලවා දමා මත් රකුසා සමාජයෙන් යහපත් යටක් බිහිකරලමු හැකි විගසින් ලෙඩ දුක් විනා යමක් වේද මින් ලැබෙන රුධිරය පවා වැනසෙයි සිරුරේ ගලන මියැදෙයි හෙමි හෙමින් දිවියත් ඔබ නොදැන රැකගත වෙවටිනා ජීවිතේ පෙමින දිව රැ නොබලා උපයන හැම කාසි පනම් වැය කරනවා මත් වතුරට ඇයි??ලොබකම් නොදනි නුබත් වැය වෙනවා හැම වත්කම් නොකොට මෙසේ නිති කරනුව දන් පිංකම් සොර මැරකම් ඉහළ නගී දිනෙන් දින මතට ලොල් බවයි මුල් වු එක කරුණ වටිනා දක්ෂ ජීවිත දැවෙනවා තරුණ දින දින පෙනේ වැඩිවෙන හැටි ලොවේ මරණ සූරාමිහිර වනසයි අපෙ ජීවිතය ලෙඩ දුක් විනා නැහැ අන්කිසි ප්‍රතිඵලය වටහාගෙන දැන්වත් මේ විනාශය මතට තිත තබා ජයගමු මතු දිවිය
✍️Nilushi Nisansala✍️ 5 years ago 120 8 4
කඳුළක බර වැටහෙන්නෙ නෙතු අගට සුසුමක තරම වැටහෙන්නෙ හදවතට කඳුළ ,සුසුම ඇතිවන්නේ සිතේ දුකට කවදා සතුට හිමි වේවිද මගේ සිතට !!!!!!!!!!! වැටෙන වැටෙන සැම විටකම ගෙන විරිය මට යා හැකියි තව බොහෝ දුර ගෙන දිරිය පරාජයයි දිවියේ නොපෙනෙන එළිය ඔබට ඔබ පමණි ලොව ඇති එක සවිය !!!!!!!!!
✍️Nilushi Nisansala✍️ 5 years ago 118 6 6
ලියැවුණු නමුදු නෙක කවි පද මව් පෙමට කිම නොලිවුනේ ගී කවිපද පියතුමට අඩුවක් වුණි ද දැක්වු මහ සෙනෙහසට මහමෙර උසට සෙනෙහස ඇත පපුවයට අම්මා මෙන් අප තුරුලේ නොරැදුවත් මුව සිප සනහා ආදරබස් නොකියුවත් හදපිරි සෙනෙහේ නිති අපවෙත නොපෙන්නුවත් පිය සෙනෙහස දෙවැනි නොම වේ කිසිවෙකුටත් දහදිය හෙලා දුක් වින්දෙ අපි හින්දා රැ දහවල නොසිතා නුඹ නිති දුක් වින්දා දුකක් නොමනොදි අපවෙත ඉසුරම කැන්දා දිවි ඇතිතුරා රැකගමි පායුග වැන්දා මගේ වත දිදුලද්දි වැහැරුන නුඹේ සම මගේ සවි වැඩිවෙද්දි වැඩිවුණා නුඹේ පෙම දිවි ඇති තුරා රැක ගන්නවා නුඹව මම සැම දෙවියන් නුඹ රැකගයි හැමදාම
✍️Nilushi Nisansala✍️ 5 years ago 109 9 2
කාලයේ වැලිතලා අතරේ ලොවට රහසේම සැඟව වළලුණු කුළුඳුලේ පිපි මිලිණ වී ගිය මටත් තිබුණා ප්‍රේමයක් ලොවෙන් සැඟවූ ප්‍රේමයක් දින ගණන් රැය පහන් වනතුරු නුඹේ නාමයෙන් කවි වදන් ගෙතු මටත් තිබුණා ප්‍රේමයක් ලොවට නොකියු ප්‍රේමයක් අදත් සිහිකර හඬනවා මම ඒදා ලියූ කවි මතකයන් එයි කියා පෙර මඟ බලන් ඒදා ඒ ගෙවූ සොඳුරු මතකය දැනෙනවා අද ඊයේ විලසට පපුව ගැඹුරේ අදත් නිහඬව නිදාවී මතකය හෙටත් නුඹ නොදන්නා මුත් කිසිත් ඒදා වාගේම ආදරෙන් ?????
✍️Nilushi Nisansala✍️ 5 years ago 98 10 2
ගෙවු දිව් ගමන තුළ හිමි දේ අල්ප මුත් අහිමි වු දේ බොහෝමයි. ඉටුනොවුන අරමුණු අතර ඉටුවුන සිහින අතැඹුලයි . දුකින් කදුලැලි සැලු දහසකුත් , දින අතර තුටු සිතින් සිනාසුණු දින ගණන් දෙක ,තුනයි . වැටුනු හැම දහස්වර යළිදු වෙරගෙන සිතට අදිටනින් වැඩ කළේ දිනක , රජ වනු නොවෙයි . මෙලොව දුටු දා සිටම දෙනෙත් සේ මා සුරැකි මගේ මාපිය දෙදෙනා රැකබලා ගන්නටයි....................
✍️Nilushi Nisansala✍️ 5 years ago 134 8 2
වීදී සරනා මැදියමේ නැතිව නින්දක් තුන්යමේ පොඩි එවුන් ට්ක හාමතේ නොතියන්න ඈ වෙහෙසුනේ දිගු කෙහෙරැලි කොටට කපන් නෙක පාටින් හැඩ ගල්වන් අඩියක් ඔසවා තබනට ඒ තරමට හිරට ඇදන් සැබව්න් ලස්සන ඇගෙ මුව පාට ගල්වා අමුතු කරන් වීදියකින් විදියකට උස් අඩි පා පෙරළී පෙරළී ඈට නොහොබිනා ගමනින් ඇගේ දෙනුවන් කරකවමින් දකින එවුන් පද හාදාව් වැදුමවට දෝස් කියාවි නුඹේන් ඇත්ත නොම අසාවි නමුදු නුඹට ශාප දේවි කුසගින්නේ හඬන කළට පොඩිවුන් හට කන්න දෙන්න පියෙකු නොවේ නම් ඔවුන්ට කන්න ,බොන්න දී රකින්න රැකියාවන් කොතෙක් ඇතිද ? මේ ලෝකේ වෙන කරන්න වැරදි නුඹ යන මාවත කියමින් පොඩිවුන් රකින්න..............
✍️Nilushi Nisansala✍️ 5 years ago 106 7 5
සිරුරේ දාහය විලවුන් සුවඳයි , දිවියේ මිහිරයි අප්පච්චි . නිවසේ දැල්වෙන නොනිමෙන, පහණයි . අප වටකර දඬු වැට වෙච්චි . අව්වැසි, දහවල, තුන්යම නොනිදා. ගිනි අව්වට පිච්ච් පිච්චී. අප දිව් එලිකල යෝධ සවිය, නුඹ . මාගේ ආදර අප්පච්චි ...................
✍️Nilushi Nisansala✍️ 5 years ago 111 7 3
මියැදි තම පුතු පපුවේ රඳවා කිසාගෝතමී ඉකිබිදිද්දි. පනැති තම පුතු දමා යයි මඟ අම්මේ කියමින් අඬගසද්දි. වත්මනේ මව් සෙනෙහේ සුළඟේ ගසන් ගියා සේ වැඩ කරද්දී . උතුම් මව්වරු ලොවේ ඇති බව දැනුණා මගේ අම්මා දකිද්දී .
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps