✍️Nilushi Nisansala✍️ 5 years ago 110 9 2

Nisadas Image

ඒදා වාගේම ආදරෙන් ???

කාලයේ වැලිතලා අතරේ
ලොවට රහසේම සැඟව වළලුණු
කුළුඳුලේ පිපි මිලිණ වී ගිය
මටත් තිබුණා ප්‍රේමයක්
ලොවෙන් සැඟවූ ප්‍රේමයක්
දින ගණන් රැය පහන් වනතුරු
නුඹේ නාමයෙන් කවි වදන් ගෙතු
මටත් තිබුණා ප්‍රේමයක්
ලොවට නොකියු ප්‍රේමයක්
අදත් සිහිකර හඬනවා මම
ඒදා ලියූ කවි මතකයන්
එයි කියා පෙර මඟ බලන්
ඒදා ඒ ගෙවූ සොඳුරු මතකය
දැනෙනවා අද ඊයේ විලසට
පපුව ගැඹුරේ අදත් නිහඬව
නිදාවී මතකය හෙටත්
නුඹ නොදන්නා මුත් කිසිත්
ඒදා වාගේම ආදරෙන් ?????

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ?

චතූ 3 years ago ලස්සනයි ❤❤❤❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps