කොල පාට මළ අහස
කොල පාට සායමින්
පින්සලය පොගවලා
පින්තාරුවට හෙමින්
කැන්වසය ළං කලා...
මටත් නොකියාම ගොස්
මගෙ මනස තටු සලා
මළ හිරුගෙ සිතුවමක්
මගෙ හිතට ළං කලා...
පින්තාරුවට මෙදා
කොල පාට පොගවලා
ගත්තු තෙලි තුඩ මදෙස
ඇත අසරණව බලා...
මළ ඉරක් අඳින්නට
කොළ පාට තවරලා
බැහැ නේද උමතුයි ද?
කැන්වසය විමසුවා...
මදහසින් තෙලි තුඩග
කැන්වසය මත තියා
මළ අහස පුරාවට
කොල පාට තැවරුවා...
කොල පාට අවරගිර
මැදින් හෙමිහිට බලා
මළ ඉරත් මදහසින්
මගෙ නෙතට ඉගි කළා...
- චතූ