චතූ 3 years ago 99 2 2

Nisadas Image

නොනිමි මතක

කාලයේ මතක පොත මත
ගැළපූ අකුරු වැල් අතර
ඔබ නමින් ලියූ
පද වැල් ද බොහෝ විය...

නිසසල ම රාත්‍රියක
සීතල ම හදවතක
රිද්මයට ආරාධනා කළ
සසල උණුසුම් මදනළයි නුඹ...

නුඹ යළි නේන බවත්
මතකයේ නිදන බවත්
මම දන්නා නමුත්
මග බලා ඉන්නෙමි අදත්...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago Nice ?

චතූ 3 years ago Thanq?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps