චතූ 3 years ago 87 2 1

Nisadas Image

කටරොළු මලක්

මහ දෙණියෙ වැව අයිනෙ
ඉර තදට පායලා
දවසකට පෙරවදන
මල් කැකුළු මත තියා...

හිරු එළිය ප්‍රේමයෙන්
පිණි පොකුරු ගෙන ගියා
අහස් ගව්වෙන් එහා
රෑ අහස මිය ගියා...

ගුරු පාර ළග ඉද්ද
මල් අතර සැගවිලා
පුංචි කටරොළු මලක්
හොරෙන් එබිකම් කලා...

- චතූ


Comments (1)

Deesha(දීෂා)❤️ 3 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps