චතූ 3 years ago 101 4 4

Nisadas Image

සුදු පාට

මම ආසම වුණ
මායාවක්
සුදු පාට...

හැම හීනයකම
මම පාට කරා
සුදු පාට...

සුදු පාට හීන
මලානිකව
මියැදුනු දාට...

සද පහන් රැයක
මම දැක්කා ඒ
සුදු පාට...

ගගනතේ කොණක
හරි තදට ඇදපු
සුදු පාට...

ඒ රවුම් සදට
උරුම වුණෙත්
සුදු පාට...

මගෙ හීන මැරුණු
ශීතල හිම
මැද රෑක...

මිහිදන් හීන මත
රැදුනු මලත්

සුදු පාට...

හරි දුක්බර තැන්
හැඩ කළේ ම
සුදු පාට...

නිහඩ ම හිත්
පිරෙව්වේම
සුදු පාට...

පින්බර හැම
මොහොතකදිම
හැම දේම...

හරි ලස්සන සුදු
හැඩ කරා ලු
හැමදාම...

මගෙ මතක සොහොන
මත ඊයේ
මැද රෑක...

මම දැල්වූවෙමි
ඉටි පහනක්
සුදු පාට...

මම මේ මොහොතේ
රැදී ඉදිමි
දහවලක...

දිග වළාකුලක්
මම දුටුවා
සුදු පාට...

- චතූ

Comments (4)

ශශී❤️? 3 years ago ඒක නියමයි ?

Deesha(දීෂා)❤️ 3 years ago Woow ✍️?

චතූ 3 years ago Thanq??

*$@n¢hi* 3 years ago Lassani..❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps