48 Total Nisadas Found


නදී ..✍???? Nisadas Count (48)





නදී ..✍???? 1 year ago 147 4 4

Nisadas Image

නුඹයි දිවියේ නිරිදුවූ...

රත් - රුදිර බිදු සුවද තවරා
පිදූ සෙනෙහස නාමයෙන්
හිත් - අහස මත පායාපු ලළිඳු, නිවා සැනසුව ආලයෙන්
විත් - රිදුම් දුන් හිතෙහි කැකරූ
සීත ලතැවුල් හෙමිහෙමින්
ලත් - තැනින් සිත් සුවය සැදුවා, රිදී නුඹමිණි රශ්මියෙන්

සියැසි - අද්දැකි ජීවිතේ ගැන කියාදුන් දෙවි කෙනෙක්වූ
මියැසි - කවියක මුල් තනුව නුඹ දිවිමගේ හමුවුනාවූ
නිවැසි - අරණට එළිය කැන්දන පහන් වැටකින් එකක්වූ
සියැසි - දිවියේ ඔටුනු නොපැලදි නුඹයි දිවියේ නිරිදුවූ

සිහින - මවලා අපේ දිවි ගැන අදුරු කුටියක හෙලු සුසුමක්
සිතන - තරමට බරවැඩියි මට, තාත්තේ නුඹ සේනෙහෙ ගඟුලක්
පතන - පැතුමක අපේ ලෝකය සුවද වෙන්නට බොහෝ සිතුමක්
වචන - ගලපනු බෑ, ලියන්නට පද නුබේ ගුණකද මහමෙරක්

අචල - දාරක සෙනෙහෙ හංගා වැටෙන විට අත්වැට වෙලා
පතල - වන්නට ලොවක් අභියස පවුරසේ නුඹ, සිටිය රැකලා
නිසල - ගුණදම් වඩන්නට මග පෙන්වමින් දිරියදී සවිමත් කලා
සිසිල - ඒ ගුණ බලෙන් දිඝාසිරි
පැතුම්... තාත්තේ, මම එක්කලා

නදී ..✍️

නදී ..✍???? 2 years ago 177 6 4

Nisadas Image

අඩන්නට දැන් කදුළු අමතක, මටත් තිබුනා පන්හිඳක ප්‍රේමයක්..❤️


ඉඩෝරය හුරු හදවතට යංතං වසන්තේ ඉගි බිගි කරන්....
සදසාවි හිත තනි මකන්නට
කුමරු සිත හොරකන් කරන්....
සිතුම් පුවරුව මැද්දෙ හැමදා
කවියකින් හැගුමන් ගොතන්....
පෙමක් තිබුනා අතින් නොඇලූ
හිතින් පණ මෙන් ලං කරන්....


සිතේ ලියවුනු හැගුම් එකිනෙක
පෑන් තුඩකින් කවි කලා....
කවුද කවරෙකුදැයි නොදැන නුබෙ
හදවතට මම් පෙම් කලා....
මගේ හද රිද්මෙට සමයි නුබේ රිද්මෙත් නුබේ දෑතින් ලියවිලා...
නුබෙන් පිලිතුරු කවක් අභියස
මගේ නෙත් දෙක තෙත්කලා....


ගලාගිය සීතලම දිය පොද මත් කරන් මීවිත ලෙස....
දිනෙන් දින ලං වෙනා හදවත්
කුමට නොදැකින් මේ ලෙස....
දිනක් දාගෙන මුනගැහෙන්නට
හුස්ම වැදෙනා ලග ඉද...
හීන දැක්කා වැඩිද මන්දා
නොදැන පෙමට වස් දොස් වැදේද....


පෑරෙනා හදවතට තබා හිස්තැන් නුබේ සවනට ඇය නොකී කතාවක්....
මමත් නුබත් මැද්දට ඇයත් පැමිනි
බැව් ලොවෙන්ම සගවාපු රහසක්....
මහ සයුර වෙත කදුලු දියකල
නොවැම්බරේ එදත් අද වගෙ දවසක්....
අහම්බෙන් හැමු චන්ඩ සුලගට
පණ ගැහි ගැහී මිහිදන් වුනිය ප්‍රේමයක්....

"අඩන්නට දැං කදුලු අමතක ,
මටත් තිබුනා පන්හිදක ප්‍රේමයක්....."

මම,
නදී..✍️

නදී ..✍???? 2 years ago 140 2 2

Nisadas Image

එඩෙල්විස් මලට පෙම් කරමි මම ලොවටම හොර රහසේ... ❤️❤️


පොප්ලර් හිම තුහින ගත පුරා දැවටී හිනහෙනා ...
විදින්නට හැකි නෙලන්නට බැරි දුරක ඉදිනා...
බලා හිද නෙතු අගින් පෙම් සෙනෙහෙ ගන්වනා...
සිහින කුමරු නුඹවම තමයි හදවතේ පොපියනා...

ලං වෙන්න නම් සමනල තටු රිදුම් මැද...
සැඩ සුලං බැමි බිදිනු බැහැ තවත් අද...
නටුව රිදවා වෙන්කලොත් මල සබද...
රැකගන්න බැහැ නටුවසේ ලගින් ඉඳ...

උරුමයක් නැති කලක මලේ පෙම විද ගන්න සිත්සේ ...
දුක් නොවෙමි සතුටු වෙමි ලංවුවත් තව සමනලියක රහසේ...
දුරින් ඉඳ බලා සැනසෙන පෙමක් ළඟ රැදී සිත්සේ...
"එඩෙල්විස් මලට" පෙම් කරමි මම ලොවටම හොර රහසේ... ❤️‍????

මම ,
නදී..✍️

*(*ප්‍රේමය යනු උරුම කර ගැනීම පමණක්ම නොවේ .)

නදී ..✍???? 2 years ago 209 3 3

Nisadas Image

අ)සම්මත පෙමක් ළඟ නතරවුන ආත්මාර්තකාමී පෙම්වතෙක් ගෙන් තම පෙම්වතියට...✍

පලමු පෙම ළඟ කෝඩුකාරී මැණික නිම්නාදරී...නීල නෙතු දිගු වරල සරසයි ගත නාරී...රැක්ක දැහැනින් මිදුනි දුටු රුව මනහාරී... පෙරුමන් පුරා ඇසුවෙමි වෙනවද දිවියට භාරී...

හදවත හොයපු මංදාරම් එක සැදෑවක... හිස මත දිවුර සින්නක්කර පොතක... දිවියම භාරී වෙන්නට පුලුවනි මැණික...
කී බැව් සිහිවෙන විටයි දුක මුව අහිංසක...

දින සති ගෙවී අපි පෙම් සයුරක ගිලිලා කාලය ගෙවී යයි... දොඩමළු මැද ගතවීලා ආපිට පෙරලනු නොහැක ගෙලටම තොණ්ඩුව වැටිලා... කියනුයේ කෙලෙස මං විවාපත් අයකියි කියලා...

කියා ගත නොහැක මට බලා නුබෙ මුවග දෙස ...ඉවසාන ඉනු හැකිද දෙයක් ඇත කියනු නීරස ...සෙනෙහසක් නොමැති මුත් පියාගේ කීම වස....විවාපත් වුනා මං නෑණන්ඩිය සමග පෙර දවස ...

ඇසිල්ලක් පමාවට නෙතට ඉනු කදුලු කැට....දෝරෙ ගැලුවා කොපුල් වෙන්න රත් පුඩු පැහැට...එහෙත් මං දැක්කෙ නෑ නුබෙ තරහ ඇස් දෙකට..දෙනවද සමා මැණික මේ සෙල්ලක්කර හිතට

ඉන්නට හැකි නම් නොයා මේ පපුවෙන් එපිට...සම්මත නැති නමුත් දෙන්නම් සතුට නුබෙ හිතට...නුඹ නොමැති නම් මැණික මියදේවි මං දුකට... කිව්වෙ උණුසුම්ම හාදුවක් තියා නුබෙ නලලතට

සැගවුවත් සත්‍ය නොපෙන්වා වැලි කැට යට...හිදිනුයේ කෙලෙස තවත් දී ගිනි නුබෙ හ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps