නදී ..✍????
3 years ago
146
4
6
සරසවිය මා සෙව්ව..?️
නොබිදුනු සිතක
සංකල්පනා එක්වූ
අනාගත පැතුමන් ගොන්න
පැතුමක්ම සේ සැගවිලා
බිදුණු සිතකට ඇරයුම් කරයි දෝ....
මලානික නෙතු අගින්
දුක් කදුලු ගලාවිත්
දෙකම්මුල් තෙමා
දෝරේ ගලා යයිදෝ.....
සරසවිය මා සෙව්ව
හිමි නැතිය අද එන්න
වැසුනි දෝ... ඒ විසල් දොර
ලබන වසරට අගුළු දා.......
මව්ගෙ හද මඩළ
පියතුමගෙ හද මඩළ
තුල රැදුනු මා නොදත්
සිහින මාලිග....
බිදුණු සොවින් තැවේදෝ.....
නොදනි මම තවම
මේ වේදනා නිවෙන දවස....