නදී ..✍???? 3 years ago 95 4 7

Nisadas Image

කිසිදාක හිස් නොවන
කිසිදාක තනි නොවන
නගරයෙ කොනක සිටගෙන
නෙතු අයාගෙන හැම දින
හිරු නැගෙන සිතිජයෙන
හිරු බැසෙන සිතිජයෙන
හෝ හෝ සුමුදු රළ සිඹින
වෙරළ දෙස බලාගෙන....

උදේ සිට රෑ තුරා
කඩිමුඩියේ දුවයන
නා නා විදියෙන් යුක්ත
ඇදුම් පැළදුම් වලින් සැරසුණු
ගැහැණුන්ය පිරිමින්ය.....

අනුන් හට අත පොවන
හිගන්නන් එක පසක
කඩල අඹ විකුණමින්
තද අව්වෙ වේලෙමින්
තවත් පිරිසකි අනෙක් පස...

නාද නගමින් ඇදෙන
නොයෙක් රථ වාහන
මා පසුකර හඹායන
පෙරහැරකි දිගටම ඇදෙන.....

ඒ අතර සෙවණක් සොයා
ඇදෙන මහ ජනයාට
සෙවන සලසන මා.....
ගස් වලින් හිස් වුනු
මාතර පුරවරයෙහි
කොනක සිට
නගරයේ වත ගොත සොයන
යෝධ නුග රුක වෙමි..

නදී

Comments (7)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සන අර්ථවත් අදහස් ?❤

Naween Perera 3 years ago ලස්සනයි නදී

ශශී❤️? 3 years ago ලස්සනයි ගොඩක්.❤️

නදී ..✍???? 3 years ago Thanks oyala hamatama,??

චතූ 3 years ago ගොඩක් ලස්සනයි නදී...❤

චතූ 3 years ago සොඳුරු පිටු පුරාවට නෙක වචන අමුණන්න බලා ඉන්නම් ඉතින් නුඹේ කවි කියවන්න...

නදී ..✍???? 3 years ago Thanks❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps