නදී ..✍???? 3 years ago 146 4 6

Nisadas Image

සරසවිය මා සෙව්ව..?️

නොබිදුනු සිතක
සංකල්පනා එක්වූ
අනාගත පැතුමන් ගොන්න
පැතුමක්ම සේ සැගවිලා
බිදුණු සිතකට ඇරයුම් කරයි දෝ....

මලානික නෙතු අගින්
දුක් කදුලු ගලාවිත්
දෙකම්මුල් තෙමා
දෝරේ ගලා යයිදෝ.....

සරසවිය මා සෙව්ව
හිමි නැතිය අද එන්න
වැසුනි දෝ... ඒ විසල් දොර
ලබන වසරට අගුළු දා.......

මව්ගෙ හද මඩළ
පියතුමගෙ හද මඩළ
තුල රැදුනු මා නොදත්
සිහින මාලිග....
බිදුණු සොවින් තැවේදෝ.....

නොදනි මම තවම
මේ වේදනා නිවෙන දවස....












Comments (6)

Deesha(දීෂා)❤️ 3 years ago ඉක්මනින් නිවේවි... ලස්සනයි නිසදැස ?❤

නදී ..✍???? 3 years ago Thanks akkiyo ❤️❤️

චතූ 3 years ago දිවි ගමනෙ දුර යන්න වැටෙන විට නැගිටින්න දිනෙක හිරු මලක් සේ හැකි වේවි හිනැහෙන්න...❤

චතූ 3 years ago ජීවිතේ සුන්දරම කවියක් වගේ ඔන්න පතන්නම් නුඹෙ සිහින මලක් සේ පුබුදින්න...

ශශී❤️? 3 years ago ප්‍රාර්ථනා ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ලස්සනයි ❤️

නදී ..✍???? 3 years ago ඔයාල දෙන්නටත් thanks❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps