Deesha(දීෂා)❤️ Nisadas Count (73)
Deesha(දීෂා)❤️ 1 year ago 58 6 11
නැගුණු වෙඩිහඬ ඉරා පපුතුර රුහිරු බිඳු සැම කැලතෙමින්.... කිරුළු ගලවා සෙනෙහෙ හැරදා සටනක්ය මව්බිම නමින්.... නුඹෙ ලෙයට හිමි ගැබක් කුසතුල රැකේවා නුඹ දූ නමින්..... දහස් වර ඈ අයදින්න ඇති හිමිව රැකලා දෙන ලෙසින්.....! තියුණු රුදු සැත් නොමැති සටනක ගිනි අවිය ගෙන අත දරන්.... සිනිඳු සුදුවන් පිනැති නුඹෙ රුව රළුව යනතුරු එක ලෙසින්.... සිත සවිය ගෙන ගත විරිය ගෙන ඉදිරි මඟකට පා තියන්.... සිංහ රජිඳුණි, නුඹ ඇදෙන්නැති සතුරු බල සැම පරදමින්.....! නොදුටු සතුරකු විසින් ඇවිලූ ගින්න ඇවිලී පැතිරෙමින්..... උදුර ගත්තද දිවිය නුඹගේ රුහිරු දෙරණත වගුරමින්.... සිහිනෙකින්වත් නැවත ලංවී තුරුළු වන්නට සෙනෙහසින්.... වඩිනු මැන නුඹ මගේ දිවියට පියාණෙනි සක් දෙව් ලෙසින්......!!! ?????????????????????? මව්බිම වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට සහ එදා සිට අද දක්වා මව්බිම සුරකින සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා!!!!
Deesha(දීෂා)❤️ 1 year ago 29 7 9
රිදෙන රිදුමන් බරයි පපුවට කඳුළු වැටුනා නෙත් අගින්..... මතක පාරයි හුස්ම නවතී වේදනා දැනුනා නිතින්....... පෑරි පෑරී හඬන විඳවන මහද අරගෙන නුඹෙ අතින්....... ඔසුත් කුමටද කියා සිතමින් පිරිමැද්දෙ මව් පිය සෙනෙන්...... වචන කෙලෙසක ගළපන්නෙ මා මෑණියනි නුඹගේ නමින්..... පුදන මහමෙර තරම් සෙනෙහස මියෙන තුරු පවතී ලඟින් ....... නුඹගෙ ආදර වදන් අභියස වේදනාවට තිත තියන්........ රෝස කැකුළක් කඳුළු හැරදා හිනැහුනා මව් පිය නමින්.........
Deesha(දීෂා)❤️ 1 year ago 55 8 9
ආත්මය දිනු යමක් වේ නම් නුඹේ සුසුමින් මට එහා කිසිත් නැත අද මගේ කියනට හුස්ම හද පාරන තුරා ළයේ ඇවිලෙන ගින්න පැතිරී සිවිලිමේ ඇති කොටු පුරා නුඹේ රූපෙම මැවී පෙනුනා ළඟින් නැති කාලය පුරා................... සුසුම් සයනයෙ අයා නෙතු දැල් දරා නුඹ දෙස බල බලා ඉකි බිඳිම් කාටත්ම රහසේ පැලී පපුවම යන තුරා ලැබූ දේ දිවියේ නුඹෙන් මට මව්නි පෙමමයි සිත් පුරා වටිනකම් මහමෙර උසයි දැන් මගේ දිවියම හැඩ කලා................. දරන්නට බැරි තැනම ළය ගිනි උණු කඳුළු කැට ගල ගලා උණුසුමේ මට ඉන්න අවසර පතමි රැය මැදියම කපා ඉවරයක් නැති රිදුම් මැද හද පණ අදින හුස්මේ පවා මියෙන මොහොතට අරුත දෙන්නට අම්මෙ නුඹ ඕනිම තමා..................
Deesha(දීෂා)❤️ 1 year ago 37 5 5
මහද පාරා ගලන කඳුලැල් නිමක් නොවනා බැවි දනිම්.... සූර සූරා ගතෙහි ලේ බිඳු ඉහිරිලා දැනුනත් රිදුම්........ පපුව ගැඹුරේ නිදන් කරමින් නිතර ඇවිලෙන දුක් සුසුම්.... සයන මත දී දිවිය අයදින රෝගීයෙකු හට ඇයි පැතුම්................ සිනහ රැව් දී සතුට ඉතිරූ සුරවිමන තුළ ඇයි හැඬුම්..... මව්නි නුඹ ලය ගින්දරක් ඇත දියණියගෙ නාමෙන් දනිම්...... තුරුළු වී පිය සෙනෙහසට මා විඳපු ප්‍රේමය ඉස්තරම්..... නමුත් මට නැහැ කිසිඳු දිනකදි ඉන්න යළි එලෙසට වරම්.................. මලක් වුවහොත් සැනින් ජීවය නතර වන බව මම දනිම්.... ලපටි පෙති වුව අකාලයකදි ගිලිහිලා යයි හැර කුසුම්...... ජීවිතය අරුමයක් නම් නොව නතර වෙනවා නිසැකයෙන්..... නොබෝ දිනකින් දිවිය හැර යා හැකියි මට දැන් හිත හදන්..................
Deesha(දීෂා)❤️ 1 year ago 34 4 8
????????????????????????????
Deesha(දීෂා)❤️ 1 year ago 33 7 14
????????
Deesha(දීෂා)❤️ 1 year ago 33 6 10
වසන්තය දින බැඳුණු අතැඟිලි තවම වෙන් වී නැහැ අපේ දහස් වර හිනැහුණු දෙනෙත් නම් කඳුළකින් බොඳවේ දරාගන්නට නොහැක මට අද වේදනා ඉහිරේ රුධිර ගඟ මැද දිවිය අයදින සටන හෙට නිම වේ........ දෑත් අල්ලා තැබූ හාදුව නිදන් කර පපුවේ මා මියැදුනත් නුඹ රකීවී මා දුන්නු සෙනෙහේ පස්වසක් තුළ විඳපු ප්‍රේමය රැඳුණි හද පතුලේ මගෙ මැණික නුඹ දිවි ගෙවනු මැන සිනාසී පෙර සේ..........
Deesha(දීෂා)❤️ 1 year ago 29 5 6
කඳුලකට සිනා දුන් පිණි මලට ලංවෙලා නුඹ හිඳී මා ළඟින් හැමදාම නැවතිලා නිවස මත පාළුවක් නොදැනෙන්න ඉඩ තබා මගේ සෙනෙහස විඳින සුරතලා නුඹ තමා......... බැමි බැඳුණු සිර කුටියෙ අපි තවම තනිවෙලා හැකිදාක පැන දුවමු වැට කඩොළු සැම කඩා පාසැලෙන් පන්තියෙන් පැමිණෙනා තුරු බලා නුඹ සිටියා හැමදාම මගේ රුව සිත් මවා........... පාළු මගෙ දිවියටම සෙනෙහෙ නුඹ එක් කළා නොකීවත් කාරයේ මුල් අසුන නුඹෙ වෙලා අමනාප කම් නොමැත අපි අතර ඇතිවෙලා සෙනෙහසට මා ඉඩක් නුඹ නමින් වෙන්කලා.........
Deesha(දීෂා)❤️ 1 year ago 16 7 11
දිවි ගෙවූ මුල් වියේ අපි සිටියෙ හිනැහිලා කාලයද අපි දෙදෙන අපෙ නමින් වෙන්කලා ඇමතුමක දැවටෙමින් මැවූ ඒ පෙම්කතා ලෝකයෙන් සඟවලා රහසින්ම පෙම්කලා................... ප්‍රේමයේ නාමයෙන් ලියු සොඳුරු පෙම් කතා හිනැහෙන්න මතකයට අරුත් තව එක් කලා රිදෙන විට වේදනා දහක් එක්තැන් වෙලා නුඹෙ සොඳුරු වදන් වැල් මාව සුවපත් කලා ................ පස් වසක් අපි විඳපු සෙනෙහසට තිත තියා නුඹව අත්හරින්නට පියතුමා අණකලා ගිලිහෙනා සුසුමන්ට පණ දුන්නු නුඹ දමා පියඹන්නෙ මම කෙලෙස මතක අළුකර දවා?....
Deesha(දීෂා)❤️ 1 year ago 57 6 18
මැණික මේ අහගන්න කඳුළු පිසදා ගන්න ඉහත කළ පාපයට විඳවන්නෙ මම තාම ආසයි නැඟිටින්න පෙර වගේ ඇවිඳින්න දුව පැනපු අතීතය මතකයට එක් වේද?............ ලියන්නට කවි කතා පෙර වාගේ බැහැ තවත් හිනැහෙන්න ලඟ ඉන්න මට තිබේවිද වරම් සෙලවෙන්න නොහැක මට දෙනෙත් තෙමනවා දැනුත් නුඹෙ සොඳුරු ආදරය හුසුම පොවනවා අදත් ............ ගත රැඳි වේදනා යටපත් කර ඉන්නම් දැව්නත් සිරුර නුඹ ළඟ මා නොහඬන්නම් නුඹෙ ඔය සිතට සැනසුම අරගෙන එන්නම් අද හෙට නොවේ දිවියම පතිනිය වෙන්නම්........
Deesha(දීෂා)❤️ 1 year ago 26 7 16
හැමදාම නුඹ තුරුලෙ මා සැනසුවා හාදුවක් මුවඟේ තබා.... කඳුළු කැට සඟවා දෙනෙත් ඉම මගේ කඳුලැල් පිසඳුවා..... අම්මි නුඹෙ පණ නලට මා පෙම් කළා රිදුමන් ළයේ තෙරපලා..... හුරුපුරුදු සංසාර සුවඳම මටත් නුඹෙ ලඟින් දැනුනා සදා..... ඉකිගසා හඬන්නට කඳුළු නැහැ ඔය නෙතේ එය මා හොඳින් දන්නවා...... මවකගෙ උතුම් පෙමට මා දුන්න දුක් ගින්න විඳවාවි සසරම මෙමා..... ඉවසන්න ඉවසන්න රුධිර කඳ ගලනවා මෑණියනි නුඹ දන්නවා..... ඇමතුමක් අරගන්න තව මඳක් හිනැහෙන්න මගෙ සවන් නුඹ සොයනවා..... රෝහලේ සයනයක මට නොහැක ඉවසන්න ඇවැසිමයි සෙනෙහස නුඹේ.... උණුසුම්ම හාදුවක් ආදරෙන් මට දෙන්න සීතලයි සිරුරට මගේ...... අවසරයි නමඳින්න නුඹේ පායුග මෙමට මම රෝස කැකුළයි නුඹේ.... මෑණියනි ආදරය රැගෙන අසලම ඉන්න නෙත් ගිලෙන තුරු ගනඳුරේ.............. (රෝහල් සයනයේ සිට✍️)
Deesha(දීෂා)❤️ 1 year ago 33 3 5
මද්දහන සිත වෙළන රශ්මි කඳ මම වෙන්න..... හැකිද ගං ඉවුරකින් ගලන ගඟ නුඹ වෙන්න..... තෙත් වෙලා නැග එද්දි තෙමුණු ළය දාහයට..... හැකිද මද නළ වෙන්න මා මතින් හිස සිඹින.....! පුරන් වූ හදවතේ ඉවුරු අස්වද්දන්න..... මිලින වී පරණ වූ හැඟුම් පොදි නුඹ ගන්න..... කාටවත් නොපෙනෙනා මඩ ඉවුර මට වෙන්න..... හැකිය නුඹ ඉපදුනොත්...මා මතින් නෙළුමක්ව.....! ඈත අර ගංතෙරෙන් කෙතක් සරු කරවන්න..... පොළෝ කඩ දෙදරවා හැකිය මට උහුලන්න..... සත් කඩට පලා හද... ඒ සතම නුඹ ගන්න...... හැකිවේද ආයෙමත්... අංශුවක් ළඟ ඉන්න....!
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps