Deesha(දීෂා)❤️ Nisadas Count (73)
Deesha(දීෂා)❤️ 3 years ago 63 5 8
දහසක් වූ බලාපොරොත්තු පොදි බැඳගෙන දෑස් මානයේ එතෙර වීමට ඇති මහා සමුදුරකි. බොහෝ කල් ගියද තවමත් දොරට වැඩි පියවරක් පමණක් වැනිය. එය ගතවූ කෙටි කාලය තුළ ජන්මයෙන් ලත් ඉරණමින් ඇති කරන සන්තාපය මහා වියනක් වූ නුඹ ගැබටත් වඩා උස් විය... නමුදු ලබාගත් ඵලක් නැති සේය. ලෝදියක් මෙන් ගත වෙලාගන්නා කඳුලැල් වලින්ද ඉඳහිට ගලන ලේ දහරා වලින්ද ඉතිරි කරන්නේ පීඩාවක්ම පමණි.. ඉදිරියට තබන පියවර එතැනම හෝ ආපස්සට පැමිණෙනවා මිස ඉදිරියට නම් යන්නේ නැති සේය.. මහ හඬින් හඬ නඟන්නට සිතුනද එය සමාජයට නිශ්ශබ්ද තාවයක් විය යුතුමය.. ගතවූ නිමේශයකින් වෙනස් වූ ඉරණමක අවසානය මෙයද? ඉතින් පවසන්න, ජීවිතයක් ද මේ...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps