Deesha(දීෂා)❤️ 1 year ago 55 8 9
ආත්මය දිනු යමක් වේ නම්
නුඹේ සුසුමින් මට එහා
කිසිත් නැත අද මගේ කියනට
හුස්ම හද පාරන තුරා
ළයේ ඇවිලෙන ගින්න පැතිරී
සිවිලිමේ ඇති කොටු පුරා
නුඹේ රූපෙම මැවී පෙනුනා
ළඟින් නැති කාලය පුරා...................
සුසුම් සයනයෙ අයා නෙතු දැල්
දරා නුඹ දෙස බල බලා
ඉකි බිඳිම් කාටත්ම රහසේ
පැලී පපුවම යන තුරා
ලැබූ දේ දිවියේ නුඹෙන් මට
මව්නි පෙමමයි සිත් පුරා
වටිනකම් මහමෙර උසයි දැන්
මගේ දිවියම හැඩ කලා.................
දරන්නට බැරි තැනම ළය ගිනි
උණු කඳුළු කැට ගල ගලා
උණුසුමේ මට ඉන්න අවසර
පතමි රැය මැදියම කපා
ඉවරයක් නැති රිදුම් මැද හද
පණ අදින හුස්මේ පවා
මියෙන මොහොතට අරුත දෙන්නට
අම්මෙ නුඹ ඕනිම තමා..................
Kavinda Sahan 1 year ago ඒ වචන ❤️❤️❤️?
*$@n¢hi* 1 year ago ලස්සනයි ❤
Dila ???? 1 year ago ❤️?
නදී ..✍???? 1 year ago ලස්සනයි ❤️❤️
චතූ 1 year ago ලස්සනයි දීශා ❤❤
ශශී❤️? 1 year ago ගොඩක්ම ලස්සනයි සුදු නන්ගි.❤️
Deesha(දීෂා)❤️ 1 year ago ස්තූතියි හැමෝටම ?
Naween Perera 1 year ago ලස්සනයි දීෂා ❤️
Deesha(දීෂා)❤️ 1 year ago ස්තූතියි අයියේ