Deesha(දීෂා)❤️ 2 years ago 124 5 5
මහද පාරා ගලන කඳුලැල්
නිමක් නොවනා බැවි දනිම්....
සූර සූරා ගතෙහි ලේ බිඳු
ඉහිරිලා දැනුනත් රිදුම්........
පපුව ගැඹුරේ නිදන් කරමින්
නිතර ඇවිලෙන දුක් සුසුම්....
සයන මත දී දිවිය අයදින
රෝගීයෙකු හට ඇයි පැතුම්................
සිනහ රැව් දී සතුට ඉතිරූ
සුරවිමන තුළ ඇයි හැඬුම්.....
මව්නි නුඹ ලය ගින්දරක් ඇත
දියණියගෙ නාමෙන් දනිම්......
තුරුළු වී පිය සෙනෙහසට මා
විඳපු ප්‍රේමය ඉස්තරම්.....
නමුත් මට නැහැ කිසිඳු දිනකදි
ඉන්න යළි එලෙසට වරම්..................
මලක් වුවහොත් සැනින් ජීවය
නතර වන බව මම දනිම්....
ලපටි පෙති වුව අකාලයකදි
ගිලිහිලා යයි හැර කුසුම්......
ජීවිතය අරුමයක් නම් නොව
නතර වෙනවා නිසැකයෙන්.....
නොබෝ දිනකින් දිවිය හැර යා
හැකියි මට දැන් හිත හදන්..................
ශශී❤️? 2 years ago එහෙම යන්න බෑ හරිද.ඉක්මනට සනීප වෙමු.?❤️?
ශශී❤️? 2 years ago ලස්සනයි සුදූ
Dila ???? 2 years ago ලස්සනයි අක්කා ❤
චතූ 2 years ago ඉක්මනට සනීප වෙන්න දීශා ❤??
Deesha(දීෂා)❤️ 2 years ago Thanks all ❤❤