Deesha(දීෂා)❤️ 3 years ago 153 6 18

Nisadas Image

____________මැණික අහගන්න__________

මැණික මේ අහගන්න කඳුළු පිසදා ගන්න
ඉහත කළ පාපයට විඳවන්නෙ මම තාම
ආසයි නැඟිටින්න පෙර වගේ
ඇවිඳින්න
දුව පැනපු අතීතය මතකයට එක් වේද?............

ලියන්නට කවි කතා පෙර වාගේ බැහැ තවත්
හිනැහෙන්න ලඟ ඉන්න මට තිබේවිද වරම්
සෙලවෙන්න නොහැක මට දෙනෙත් තෙමනවා දැනුත්
නුඹෙ සොඳුරු ආදරය හුසුම පොවනවා අදත් ............

ගත රැඳි වේදනා යටපත් කර ඉන්නම්
දැව්නත් සිරුර නුඹ ළඟ මා නොහඬන්නම්
නුඹෙ ඔය සිතට සැනසුම අරගෙන එන්නම්
අද හෙට නොවේ දිවියම පතිනිය වෙන්නම්........

Comments (18)

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි සුදු නන්ගි..ඒ ප්‍රාර්තනාව ඉශ්ට වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.❤️?

Deesha(දීෂා)❤️ 3 years ago Thanks you so much Sudu akki ❤❤❤❤❤❤

✍️කවිකාරි ✍️ 3 years ago ලස්සනයි ඔයාගේ පැතුම් ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ??

නදී ..✍???? 3 years ago ඔයාගේ පැතුම් ඉටු වේවා! ලස්සනයි අක්කියෝ ??

Deesha(දීෂා)❤️ 3 years ago Thanks කවිකාරී ❤ Thanks නදී ❤

❤️mila❤️ 3 years ago ගොඩාක් ලස්සනයි දීශා. ඔයාගේ සියලු පැතුම් ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️? බුදු සරණයි. ඉක්මන්ටම හොදවෙන්න ??

චතූ 3 years ago ජීවිතේ සුන්දරම දවස් නුඹ වෙත එන්න... නීල නෙතගේ අගට කදුළු යළි නොම එන්න...

චතූ 3 years ago එක දිගට එන ගැහැට සෙනෙහසින් පිළගන්න ආදරේ නාමයෙන් හැකිවේවි හිනැහෙන්න...

චතූ 3 years ago ලස්සනයි ❤ දීශා

Deesha(දීෂා)❤️ 3 years ago Thank you so much Mila ❤

Deesha(දීෂා)❤️ 3 years ago ජීවිතේ කතාවේ තව මදක් දුර යන්න දිරි දුන්නා හැමදාම හිත නිවූ නුඹෙ වචන

Deesha(දීෂා)❤️ 3 years ago අක්කි මේ අහගන්න හැකියි තව ඉවසන්න හැමදාම සෙනෙහසින් නුඹ මගේ ළඟ ඉන්න...

Deesha(දීෂා)❤️ 3 years ago Thanks akki, ලස්සනයි ❤️

චතූ 3 years ago සදාදර මිතුරු හිත් බිදී යන්නේ නැතිලු... නෙතේ තරහව තියා දුරක් යන්නට බැහැලු...

චතූ 3 years ago නේක කවි පුරාවට නිරන්තර මුණ ගැසුණු මිතුරි නුඹ ළගින් මම ඉන්නවා මියෙන තුරු...

Deesha(දීෂා)❤️ 3 years ago Thanks Chathu akki Nice one, ❤

...චූටි... 3 years ago ලස්සනයි අක්කියො ?❤️

Deesha(දීෂා)❤️ 3 years ago Thanks Chooty





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps