Deesha(දීෂා)❤️ 1 year ago 17 7 11
දිවි ගෙවූ මුල් වියේ අපි සිටියෙ හිනැහිලා
කාලයද අපි දෙදෙන අපෙ නමින් වෙන්කලා
ඇමතුමක දැවටෙමින් මැවූ ඒ පෙම්කතා
ලෝකයෙන් සඟවලා රහසින්ම පෙම්කලා...................
ප්‍රේමයේ නාමයෙන් ලියු සොඳුරු පෙම් කතා
හිනැහෙන්න මතකයට අරුත් තව එක් කලා
රිදෙන විට වේදනා දහක් එක්තැන් වෙලා
නුඹෙ සොඳුරු වදන් වැල් මාව සුවපත් කලා ................
පස් වසක් අපි විඳපු සෙනෙහසට තිත තියා
නුඹව අත්හරින්නට පියතුමා අණකලා
ගිලිහෙනා සුසුමන්ට පණ දුන්නු නුඹ දමා
පියඹන්නෙ මම කෙලෙස මතක අළුකර දවා?....
ශශී❤️? 1 year ago ලස්සනයි දුකින් ඉන්න එපා..හැමදේම හොදින් විසදෙයි සුදු නන්ගි.❤️
Deesha(දීෂා)❤️ 1 year ago ? බලන් ඉමු සුදු අක්කි Thanks aa ❤❤
✍️කවිකාරි ✍️ 1 year ago අනේ දුක් වෙන්න එපා මනික. තාත්තා කැමති වෙයි බය වෙන්න එපා
Deesha(දීෂා)❤️ 1 year ago ? අනේ මන්දා කවිකාරී බලන් ඉන්නම් ❤
❤️mila❤️ 1 year ago අනේ දුකින් ඉන්නෙපා දීශා. අවන්ක ආදරේට වරදින්නෑ ?. ඔයාගේ තාත්තා ඉක්ම්න්ටම කැමතිවෙයි .❤️
චතූ 1 year ago ආදරේ ගින්දරට පපුව පිච්චෙන නිසා... ඇස් අගින් වැටෙන උණු කදුළු හරි බර නිසා...
චතූ 1 year ago දනිමි නුඹ විදින ඔය දුක් සුසුම් කවි කතා... පතන්නම් සුන්දරම හෙටක් නුඹ හට සදා...
Naween Perera 1 year ago මටත් උනා ඒ වගේම දෙයක්.මතකයන් අලුත් උනා වගේ දැනුනා.. ලස්සනයි ❤️
Deesha(දීෂා)❤️ 1 year ago හ්ම්ම් බලන් ඉන්නම් මිලක්ෂි ❤
Deesha(දීෂා)❤️ 1 year ago මගේ චතූ අක්කි❤ ලස්සනයි ඔයාගෙ කවිය ❤❤❤
Deesha(දීෂා)❤️ 1 year ago ගොඩක් ලස්සන ආදර කතා එහෙම වෙන්න ඇති නේද Thanks අයියෙ