Deesha(දීෂා)❤️ 1 year ago 30 7 9
රිදෙන රිදුමන් බරයි පපුවට
කඳුළු වැටුනා නෙත් අගින්.....
මතක පාරයි හුස්ම නවතී
වේදනා දැනුනා නිතින්.......
පෑරි පෑරී හඬන විඳවන
මහද අරගෙන නුඹෙ අතින්.......
ඔසුත් කුමටද කියා සිතමින්
පිරිමැද්දෙ මව් පිය සෙනෙන්......
වචන කෙලෙසක ගළපන්නෙ මා
මෑණියනි නුඹගේ නමින්.....
පුදන මහමෙර තරම් සෙනෙහස
මියෙන තුරු පවතී ලඟින් .......
නුඹගෙ ආදර වදන් අභියස
වේදනාවට තිත තියන්........
රෝස කැකුළක් කඳුළු හැරදා
හිනැහුනා මව් පිය නමින්.........
Kavinda Sahan 1 year ago ලස්සනයි
Dila ???? 1 year ago ලස්සනයි අක්කා ?
නදී ..✍???? 1 year ago ලස්සනයි දීෂා❤️ ❤️
චතූ 1 year ago ලස්සනයි දීශා ❤❤
Deesha(දීෂා)❤️ 1 year ago ස්තූතියි හැමෝටම ?
ශශී❤️? 1 year ago ලස්සනයි සුදූ.❤️
Deesha(දීෂා)❤️ 1 year ago ස්තූතියි සුදු අක්කි ❤️
Naween Perera 1 year ago ලස්සනයි දීශා
Deesha(දීෂා)❤️ 1 year ago ස්තූතියි අයියේ