Deesha(දීෂා)❤️ 3 years ago 182 5 6

Nisadas Image

"ෂැඩෝ".... (වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෙවනැල්ල නුඹ)

කඳුලකට සිනා දුන් පිණි මලට ලංවෙලා
නුඹ හිඳී මා ළඟින් හැමදාම නැවතිලා
නිවස මත පාළුවක් නොදැනෙන්න ඉඩ තබා
මගේ සෙනෙහස විඳින සුරතලා නුඹ තමා.........

බැමි බැඳුණු සිර කුටියෙ අපි තවම තනිවෙලා
හැකිදාක පැන දුවමු වැට කඩොළු සැම කඩා
පාසැලෙන් පන්තියෙන් පැමිණෙනා තුරු බලා
නුඹ සිටියා හැමදාම මගේ රුව සිත් මවා...........

පාළු මගෙ දිවියටම සෙනෙහෙ නුඹ එක් කළා
නොකීවත් කාරයේ මුල් අසුන නු⁣ඹෙ වෙලා
අමනාප කම් නොමැත අපි අතර ඇතිවෙලා
සෙනෙහසට මා ඉඩක් නුඹ නමින් වෙන්කලා.........

Comments (6)

Naween Perera 3 years ago ලස්සනයි දීශා ❤️

ශශී❤️? 3 years ago ෂෑඩෝ❤️ ලස්සනයි සුදූ

Deesha(දීෂා)❤️ 3 years ago Thanks aiye Thanks akki

නදී ..✍???? 3 years ago ලස්සනයි දීෂා❤️

චතූ 3 years ago ලස්සනයි දීශා❤❤❤❤❤

Deesha(දීෂා)❤️ 3 years ago Thanks නදී Thanks චතූ අක්කි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps