Deesha(දීෂා)❤️ 2 years ago 162 6 11

Nisadas Image

______රුහිරු බිඳෙහි ප්‍රාණය_______

නැගුණු වෙඩිහඬ ඉරා පපුතුර
රුහිරු බිඳු සැම කැලතෙමින්....
කිරුළු ගලවා සෙනෙහෙ හැරදා
සටනක්ය මව්බිම නමින්....
නුඹෙ ලෙයට හිමි ගැබක් කුසතුල
රැකේවා නුඹ දූ නමින්.....
දහස් වර ඈ අයදින්න ඇති
හිමිව රැකලා දෙන ලෙසින්.....!

තියුණු රුදු සැත් නොමැති සටනක
ගිනි අවිය ගෙන අත දරන්....
සිනිඳු සුදුවන් පිනැති නුඹෙ රුව
රළුව යනතුරු එක ලෙසින්....
සිත සවිය ගෙන ගත විරිය ගෙන
ඉදිරි මඟකට පා තියන්....
සිංහ රජිඳුණි, නුඹ ඇදෙන්නැති
සතුරු බල සැම පරදමින්.....!

නොදුටු සතුරකු විසින් ඇවිලූ
ගින්න ඇවිලී පැතිරෙමින්.....
උදුර ගත්තද දිවිය නුඹගේ
රුහිරු දෙරණත වගුරමින්....
සිහිනෙකින්වත් නැවත ලංවී
තුරුළු වන්නට සෙනෙහසින්....
වඩිනු මැන නුඹ මගේ දිවියට
පියාණෙනි සක් දෙව් ලෙසින්......!!!

??????????????????????

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට සහ එදා සිට අද දක්වා මව්බිම සුරකින සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා!!!!

Comments (11)

Naween Perera 2 years ago ?❤️

Dila ???? 2 years ago ❤️

Sahini Aththanayka 2 years ago ❤❤❤

නදී ..✍???? 2 years ago ලස්සනයි ගොඩක්❤️❤️

චතූ 2 years ago Lassanai Deesha ❤

✍️Nilushi Nisansala✍️ 2 years ago හරිම ලස්සනයි ,♥️

ශශී❤️? 2 years ago ගොඩක් ලස්සනයි සුදූ❤️?

ශශී❤️? 2 years ago දුක් වෙන්න එපා ආඩම්බර වෙන්න ඔයා.❤️

Deesha(දීෂා)❤️ 2 years ago Thanks all ❤️????

Sandunika Nethmini 2 years ago Lassanai

Withanage DCS 1 year ago very good poem.





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps