Deesha(දීෂා)❤️ 2 years ago 119 3 5
මද්දහන සිත වෙළන රශ්මි කඳ
මම වෙන්න.....
හැකිද ගං ඉවුරකින් ගලන ගඟ
නුඹ වෙන්න.....
තෙත් වෙලා නැග එද්දි තෙමුණු ළය
දාහයට.....
හැකිද මද නළ වෙන්න මා මතින්
හිස සිඹින.....!
පුරන් වූ හදවතේ ඉවුරු
අස්වද්දන්න.....
මිලින වී පරණ වූ හැඟුම් පොදි
නුඹ ගන්න.....
කාටවත් නොපෙනෙනා මඩ ඉවුර
මට වෙන්න.....
හැකිය නුඹ ඉපදුනොත්...මා මතින්
නෙළුමක්ව.....!
ඈත අර ගංතෙරෙන් කෙතක් සරු
කරවන්න.....
පොළෝ කඩ දෙදරවා හැකිය මට
උහුලන්න.....
සත් කඩට පලා හද... ඒ සතම නුඹ
ගන්න......
හැකිවේද ආයෙමත්... අංශුවක්
ළඟ ඉන්න....!
ශශී❤️? 2 years ago ලස්සනයි ගොඩක්ම ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වෙනවා..❤️?
Deesha(දීෂා)❤️ 2 years ago Thanks sudu akki ?
ශශී❤️? 2 years ago ??❤️
චතූ 2 years ago Lassanai ❤❤❤❤❤
Deesha(දීෂා)❤️ 2 years ago Thanks akki