Deesha(දීෂා)❤️ 2 years ago 103 7 16

Nisadas Image

___________රත්තරන් අම්මිට____________

හැමදාම නුඹ තුරුලෙ මා සැනසුවා
හාදුවක් මුවඟේ තබා....
කඳුළු කැට සඟවා දෙනෙත් ඉම
මගේ කඳුලැල් පිසඳුවා.....
අම්මි නුඹෙ පණ නලට මා පෙම් කළා
රිදුමන් ළයේ තෙරපලා.....
හුරුපුරුදු සංසාර සුවඳම මටත්
නුඹෙ ලඟින් දැනුනා සදා.....

ඉකිගසා හඬන්නට කඳුළු නැහැ ඔය නෙතේ
එය මා හොඳින් දන්නවා......
මවකගෙ උතුම් පෙමට මා දුන්න දුක් ගින්න
විඳවාවි සසරම මෙමා.....
ඉවසන්න ඉවසන්න රුධිර කඳ ගලනවා
මෑණියනි නුඹ දන්නවා.....
ඇමතුමක් අරගන්න තව මඳක් හිනැහෙන්න
මගෙ සවන් නුඹ සොයනවා.....

රෝහලේ සයනයක මට නොහැක ඉවසන්න
ඇවැසිමයි සෙනෙහ⁣ස නුඹේ....
උණුසුම්ම හාදුවක් ආදරෙන් මට දෙන්න
සීතලයි සිරුරට මගේ......
අවසරයි නමඳින්න නුඹේ පායුග මෙමට
මම රෝස කැකුළයි නුඹේ....
මෑණියනි ආදරය රැගෙන අසලම ඉන්න
නෙත් ගිලෙන තුරු ගනඳුරේ..............

(රෝහල් සයනයේ සිට✍️)

Comments (16)

❤️mila❤️ 2 years ago Lssni deesha ❤️

Deesha(දීෂා)❤️ 2 years ago Thanks mila

චතූ 2 years ago ?❤hmm

චතූ 2 years ago Deesha

Deesha(දීෂා)❤️ 2 years ago චතූ අක්කි ?❤

ශශී❤️? 2 years ago සුදු නන්ගි.?❤️ ඉක්මනට සනීප වෙමු.

Deesha(දීෂා)❤️ 2 years ago ??සුදු අක්කි❤ I'll try to do it...

✍️කවිකාරි ✍️ 2 years ago Lassani deesha

Nethu 2 years ago Lassani deesha akke❤️?

❤️mila❤️ 2 years ago Anee akkiyo monweld ?

Deesha(දීෂා)❤️ 2 years ago Thanks කවිකාරී❤ Thanks Nethu❤ Surgery 1k milakshi ?

❤️mila❤️ 2 years ago Anee ikmntm sanepwenna akkiyo ?? Oyata budu sarani ?❤️

Naween Perera 2 years ago අසනීපෙන් ද? ඉක්මන් සුවය ලැබේවා

Dila ???? 2 years ago ❤️

Deesha(දීෂා)❤️ 2 years ago Thanks ❤❤❤

Withanage DCS 1 year ago හරිම සංවේදී රචනයක්





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps