Dila ???? Nisadas Count (62)
Dila ???? 1 year ago 25 6 10
ඔබ යා යුතුව තිබුනා. රෑ කුමාරී මල් පිපෙන්නට කලින් රැය ඉරාගෙන සඳ එඹෙන්නට කලින් ඔබ යා යුතුව තිබුනා බිඳෙන් බිඳ ඉර අවර යන කොට බිඳුනු ප්‍රේමය අත දරාගෙන මම කළුවරට අත වැනුවා නුඹ ක්ෂිතිජයේ නැවතී සඳක් ගැන සිහිනයක කල් මැරුවා පැරණි අහසක පරණ හඳටම අලුත් එළියක් කියා රැවටුන පර මලක් යළි පිපුනා යලිත් හෙට උදයේ හෙළන්නට අලුත් කඳුලක් එකතු වී තිබුනා _ඩිල ??
Dila ???? 1 year ago 26 4 8
ඇතුළතින් මා බිඳී ඇති බැව් නොම දැන නේක විසිතුරු පිට කවර ගෙන එයි ඔබ කුටිය අත්හැර පලා ගිය වග දැන දැන නොනැවතී මල් පෙරහැරක් යයි ගේ ළඟ අළු දුහුවිළිව කල්ප ගණනක් ගෙවුනද පහන් දල්වයි කෙනෙක් සොහොනක අදටද
Dila ???? 1 year ago 26 5 10
සීත කඳුකරයක පොඩි බංගලාවක ගිනිමැලය දල්වා උණුහුම් පොරෝනාව නුඹේ සියොලඟ දවටා... නුඹ ඇහැරෙන්න පෙර හෙමි හෙමින් අඩි තියලා ඉතින් මම නික්ම යමි ඇයට එන්නට දොර අගුළු හැර දා...
Dila ???? 1 year ago 43 6 8
අන්තිම වතාවට ඇවිත් යන්න එනවද මොහොතකට ලං වෙලා කම්මුලක් ඉඹිනවද කාටවත් නොඇසෙන්න කොඳුරලා කියනවද මහ ගොඩක් ආදරෙයි මැණික උඹට මම උණු කඳුළු නොආවත් ඇස් කෙවෙනි ඉරාගෙන ආත්මය ගිනි ගනියි උඩු හුලඟෙ පාවෙන හුස්ම නොවැටෙන නමුත් පපු ගැඹුර කලතගෙන ආත්මය හඬාවි දැනෙන දුක දරාගෙන...
Dila ???? 1 year ago 25 6 5
මේ ලොවෙන් මම නික්ම ගිය විට පුංචි හරි තරුවක් වෙලා ඈත ඉඳඟෙන බලන් ඉන්නම් පහත හිනැහෙන ඔබ දිහා මටත් තනියක් දැනෙන මොහොතක අහසෙ අඳුරුම තැන් සොයා අද වගෙම මම කවක් ලිව්වොත් ඔයා කියවන්නට එපා දුකක් දැනුනොත් ඉතින් මතුවට එදින නිල් නෙත් යුග පියා කැමති පැතුමක් පතනු මැන ඔබ කඩන් වැටෙනා විට මෙමා
Dila ???? 1 year ago 23 4 6
ජීවිතේ තව දවස් එක එක මෙහෙම ටික ටික ගෙවී යන්න ගෙවෙන තප්පර එකක් ගානේ ඔයා මගේ මතකයෙම ඉන්න.. ප්‍රේමයේ නුඹට දුන් තැන කවදාවත් බෑ වෙන කෙනෙකුට දෙන්න පුලුවනිද දවසක පුංචි මොහොතකට හරි ඇවිදින් වෙනස් උන හැටි කියා දෙන්න.. අහසකට අයිති තරුකැට පුංචි මට බෑ නෙලාගන්න ප්‍රේමය කොයි තරම් වුනද.. හරි පරිස්සමට නුඹ ජීවිතේ රස හිමිසද එක්කලා බෙදාගන්න අපේ ජීවිතේ හීන පැවරුම් ගෙන ඇයත් එක්කලා දිනාගන්න..
Dila ???? 1 year ago 39 3 4
ඉතින් දෙනවද අවසර නුපුරුදු හිනාවකට දෙන්න ඉඩ හසර.. දිය වෙලා වැටුන හැටි සිතල පිරුනු ඇස් යට නොකියාම ඉන්නම් මම නුඹ හදපු හීන හිත යට ලගට එන්න පිය මනින ඒ නුපුරුදු හිනා මලට.. එකීන් එක ගලපා මතක ඉතින් මම හිනා වෙන්නද දුරට යන නුබේ සිනා දැක.. මැණික.. යන්න යනකොට අරන් යන්න ඕනිමයි නුඹ ගෙනා කදුලු කැට..
Dila ???? 1 year ago 28 5 5
නොදැක්කා වගේ උන්නාට නොදැනුනා සේ හිටියාට නුබ සොදුරු තරුවකි පපුවේ හරි මැදට අහසින්ම රිද්දගෙන කඩාගෙන වැටුනු යන්න යැයි කිව්වාට රව රවා බැලුවාට දන්නවද නුබව මට කිරුලකි හිතාමතාම අහිමිවුන ඉතින් හැරි නොබලා යන්න මැරුණු දාකට එන්න මගේ මලකද දෙස බලා මැණික මං ආවා 'සුබ ගමන් හොදද' යැයි පවසන්න කදුලු වැල් නෙහෙලන්න
Dila ???? 1 year ago 23 4 5
හිතම පුරවා නපුරු හීන තියා ඔබට මා මෙන් හීන තව නෑ කියා.. රැයක් නිදිවරා ලියූ මතක පොත් පුරා මිය ගිය කවියක කදුලක් තවරා තවත් හිතකට ඉඩ දෙන්න නුඹ ගියා.. කදුලු පොකුරක් කළු අහස පුරා තරු තිබුනෙම වෙන උන්ට හිනැහිලා.. එලිය කෙරුවට සදක් අවාරයට පායලා සදට තරුත් දුර උන්නා අසම්මතයි කියා.. දුර යන්න නුඹ එක්ක මේ භවයෙම ඇවිදන් ආපු පිය මැන්නා මම රහසෙ.. සංසාරය තව දුරයි දවසක වෙයි මගෙම ප්‍රේමය තිබුනෙම දුර ගියපු නුඹේ ලගම...
Dila ???? 1 year ago 19 4 5
ඉතිං මම බිම ඉන්න පලියට කඩා නොවැටෙන්න ඔබ පොළොවට දුරින් ඉදගෙන මගේ තනියට හැමදාම බැබලුණොත් ඇති මට... දුකක් රැදුණත් මගේ හිත යට ඔව් ඉතින් නුඹ අයිති අහසට කඩං වැටුණොත් මගේ පොළොවට මෙහෙමවත් නැතිවේවි නුඹ මට... කාත් කව්රුත් නොමැති රැයකට මාත් ඉන්නම් ඉතින් තනියට ඒත් මම නැතිවෙච්ච දවසට රෑත් දිළියන් පුරුදු විදිහට...
Dila ???? 1 year ago 24 4 5
අන්තිමට මං මගේ නිහඬ බව බින්ඳා.. උඹෙ ලඟටම ඇවිත් හැමෝටම ඇහෙන්න කෑ ගහල ආදරෙයි කිව්වා.. උඹෙ හිනාවට ලෝකයක් දිනුව තරමේ හැඟීමක සතුටක් මට දැණුනා.. මැණික.. උන් නම් මහ නරක මිනිස්සු උඹට මුකුත් කියන්න නොදීම උන් මම උන්නු පෙට්ටිය වැහුවා..
Dila ???? 1 year ago 26 4 5
උඹ මට දුන්න හීන කන්ද බැදගෙන පපුවට තදින්ම උඹ නැතත් මං තාම උඹ එක්ක.. උඹ එක්ක හිනා වුන හැන්දෑව මතක ලිහ ලිහ මේ ගග ගාව උඹ නැතත් උඹේ මතක එක්ක මං තාම.. උඹ තිබ්බ හාදු වල සුවද නැති තැනක් හොය හොයා මේ සිරුර පරවුණත් සුවදයි උඹේ හාදු තාම මං ගාව.. අතාරින්න බැරි ඇස් ගාව ගැට ගැහිච්ච ආලය එක්ක හිත හිත විදවන කියන දේ නාහන මුරණ්ඩුකාරියක් දැන් මම...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps