19 Total Nisadas Found


sad danu Nisadas Count (19)





sad danu 5 years ago 79 5 5

Nisadas Image

මවකගේ ලතැවිල්ල.

ළමයිනේ උඹලට ඇසෙනවද
ගල්කොරියේ ගල් කඩන සද්දය
අතේ කරගැට පැලි යනකන්
කඩයි කළුගල් තාත්තා උඹලගේ

ගල් කඩලා සරි කරන සොචිචම
අපි පහක් මොනවා කරන්නද
තුන්වේලවත් කන්න දෙන්නට
මදිවෙලා අද ඒ කාසි ටික

වාවන්නෙ නෑ හිතේ ඇති දුක
දකින විට උඹලා⁣ගෙ මූණු ඔය
මක්කරන්නද මයේ පුතේ දැන්
උපන්ගෙයි දුප්පත් වෙලා අපි

ගෙයි මුල්ලෙ ඇති මිටිහාල් ටික
උයාදෙන්නම් කන්න උඹලට
පන ගනින් වේලක් නොකා හරි
එතෙර වන්නට දුකෙන් සැපකට

හිසට පලඳන්නට ඔටුනු නැත
කනට පලඳන්නට තෝඩු නැත
උඹලටයි කියලා කිසිත් නැත
දුප්පතුන් වී ගෙවන පාපෙට

දන්නවා මං පුතේ උඹලත්
විඳිනවා දුක් හිතේ හංගන්
හිනැහිලා ඒ කඳුළු අතරින්
මේ ගෙවන දුක නිමා කරපන්

චතූ වීරසේකර

sad danu 5 years ago 102 1 0

Nisadas Image

අපේ ඉස්කෝලේ

අකුරු දී හිස් මනස පුරවා නැණ ළමුන් බිහි කර දිනේ
දයා දී යහමගට ගන්නට රන්ටැඹක් සේ නැගි සිටියේ
ඔවාදන් සිප් සතර පහදා රජුන් තනනට වෙහෙසුනේ
සදා වඳිනෙමි දෙපා පිහිටා වැදු මව් වැනි අපේ ඉස්කොලේ

අයනු ආයනු කියාදි අකුරින් සදා ජය පෙන්නුවේ
ගරු සිතැති ගුරු මව් පියාණෙනි නුඹයි ⁣⁣නෙක වෙර දැරුයේ
ආදරය සෙනෙහස දයා ගුණ එක ලෙසින් හැම පැතිරුනේ
ඉදිරියට පා තබා යන්නට ජීවයක් විය අපේ ඉස්කොලේ

සතුරුකම් නැති මිතුරුකම් වැපිරු බිමකි මේ මිහිතලේ
මිතුරුකැල හැම සවිය වි හිඳ සමගියයි දස පැතිරුවේ
ආගමක් නෑ බේදයක් නෑ කුලයක් සෙව්වා නොවේ
සදා සිහිකර වඳිම් සැමදා අකුරු දන්දුන් අපේ ඉස්කෝලේ

ඉඳහිටත් ඳඟ වැඩක් කරමින් ඇති තරම් දඟලා ඇති
වේවැලෙන් ගුටියක් වැදිලා දනගසා ඉන්නට ඇති
නෑ සිතක් ගුරු සිත පෙලන්නට ඒ අපේ හුරතල් ගති
සදා නොමැකෙන මතක අභියස සිහිකරයි අපි අපේ ඉස්කෝලේ

අත් බැඳන් පානගා ආගිය කාලේ නෑ අමතක වුනේ
අකුරු ඇහිදන් පෑව දස්කම් අදත් අත ඉතිරිව ඇතේ
සමනලුන් මෙන් ඉගිලිලා ගිය කාලේ නෑ දැන් පැමිණුනේ
පා නමා වැඳ තුති පුදන්නම් සිප් සතර දුන් අපේ ඉස්කෝලේ

චතූ වීරසේකර

sad danu 5 years ago 76 6 1

Nisadas Image

නෙළුම් මලක්..

නෙළුම් මලක් තනිවම පිපි සිනාසලයි අහස් කුසට
ඹමරු රැලක් එය වටකර රොන් ගන්නට හදයි නිඹඳ
පුංචි මලේ පෙති තැලුනොත් රිදෙයි කියා බයයි හිතට
ඹමර රැලේ මල නොතල රොනඟ පහස විඳ බලන්න

හිරුත් පාන්දරින් ඇවිත් කියයි අයිති නෙළුම් මලට
සඳත් රැයේ එබී බලා එහි වතගොත හොයයි නිතර
විලත් බලාහිඳි කෙලෙස ඩැහැගන්නද කියා කුසුම
පෙති විහිදා සිනා සලයි කිසිත් නොදත් නෙළුම් කුසුම

මල වටකර වැට බඳින්න රළු ඹමරුන් පොරකන්නේ
ඹමර පහස කෙසේ වීද කියා නෙළුම ලතැවෙන්නේ
සුපිපුන නොයිඳුල් කුසුමට කිසිවක් නෑ වැටහෙන්නේ
නෑඹුල් පොඩි නෙළුම් කුසුම සුවඳින් දස බබලන්නේ

නෙක වෙස් ගෙන රොන් ගන්නට පැමිණෙන වන ඹමර රැලට
පෙති නොතලා රොන් ගන්නට පමණක් නිති ඉඩහරින්න
මල් මැද රන් මලක් වෙලා සුවඳ දසත පතුරවන්න
නෙළුම් මලේ නුඹෙ අයිතිය හිරුට සඳුට පවරවන්න

චතූ වීරසේකර

sad danu 5 years ago 150 3 4

Nisadas Image

අම්මා....!

දෑතේ විරිය යනතුරු මතු හැමදාම
මා උස්මහත් කර හැදුවැඩුවා මදිද
කරඳඬු වැඩි වැඩිහිටියන් වුවාට
සිතුවේ පොඩි එවුන්යැයි හැමදාම

රතු ලෙය කිරට හැරුනට පුදුමයක් නොවේ
එ් තරමට වැඩි සෙනෙහස නුඹෙ පපුවේ
දරුපෙම නිසයි දෑසට කඳුළැලි ඉනුවේ
අම්මේ නුඹයි මාගේ ප්‍රාණය වූයේ

දුන්දාා දෑස් මට මේ ලොව දකින්නට
සතුටට අඬන්නැති අම්මේ නුඹ එදින
ජීවන ගමන ඉදිරියටම ගෙන යන්න
නුඹ දුන් විරිය සැමදා සිහි කරමි මම

රැජිනක් ලෙසින් වැජඹී මුළු දිවිය පුරා
සසරේ හුරුපුරුදු සෙනෙහස දී සැමදා
උණුසුම දැ⁣නේ තාමත් නුඹ දුන්න එදා
ආසයි නුඹ් ළඟ දැවටී ඉන්න සදා

මහසයුරට වඩා වැඩි ඇති නුඹ දුන්න ⁣සෙනේ
එය සම කරන්නට කිසිවක් නෑ මෙලොවේ
මතු බුදුවන්න පැතුවත් මේ සසර භවේ
හැකිදෝ තව වරක් වන්නටඅම්මා මගේ

චතූ වීරසේකර







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps