sad danu 5 years ago 88 1 0

Nisadas Image

සඳදෙව් නුඹ

සඳදෙව් නුඹ සඳදෙව් නුඹ
පායාපන් හිත් දෑලට
අන්ධකාර රාත්‍රියක
විහිදා සඳරැස් මණ්ඩල

නින්ද නොඑන ඇස් අද්දර
දිලිසෙන තරු කඳුලු අතර
මායම් කර නුඹේ පහස
විඳගන්නට දෙනු අවසර

තනිවුනු කල්පනා අතර
හිත් අහසට ගොඩවදින්න
පැටලුන මේ කෝල හිතට
රහසක් කොඳුරලා යන්න.

චතූ වීරසේකර

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps