19 Total Nisadas Found


sad danu Nisadas Count (19)





sad danu 5 years ago 78 4 0

Nisadas Image

මිරිඟුවකි සැනසුම

සුරවිමනක සිරිඅසිරිය
ගෙන ආ අප සිහින නිවස
නැතිබැරි වු කමි අතරින්
දුක පමනක් අද ඉතිරිව
එක වහලක් යට සතුටින්
ඉන්න ඔිනි හැමදාමත්
සිතමින් අප ගොඩ නැගුවා
අපේ කියා රජදහනක්
එත් අදට තුන් වසරක්
නෑ අවසන් වැඩ තවමත්
පැතුවා දෑඟිලි ගනිමින්
පදිංචියට හොඳ දවසක්
සඟවාගෙන අඩුපාඩුත්
තුටු කෙරුවා පුංචි පුතුත්
නැ දෙන්නේ කවදාවත්
දැනගන්නට කිසි අඩුවක්
පෙර පිනකට ලැබු සේ
සිතු රැකියාවත් එපාවෙලා
නෑ පඩියක් ඔවර් ටයිමි
කියයි නිතර මගේ සැමියා
අර බැංකුව මෙි බැංකුව
ඇමතුම් දෙයි හැම දවසම
අර ඇරියස් මෙි වාරික
ගෙවනු ගෙවනු කයයිි නිතර
තිබුනත් අඩුපාඩ කොතෙක්
නැ කිවුවේ කොයිකාටත්
වෙර දැරුවෙි හැමදාමත්
නොවන්න කරදර කාටත්
දෙව්යො බුදුන් ඇදහුවා
හිතේ සැහැල්ලුව පැතුවා
අප සොයනා ඒ සැනසුම
කවදා ලැබෙිවිද මන්දා....



sad danu 5 years ago 93 3 4

Nisadas Image

නුඹ නිසා.....

එකම එක දවසක
ඉර බසින සැන්දෑවක
සිටින විට මා හුදකලාවක
පැමිණියා නුඹ මා වෙතට
ආදරෙයි මා නුඹට
පැවසුවා එබි මා දෑස් දෙසට
ඔය තරමි ලස්සන දෑස්
දැක නොමැත වෙන කොහෙදිවත්
පැවසුවා නුඹට මතකද?
දෙනොදහක් දෑස් මැද
බලෙන්ම වාගේ ගෙන මා සුරත
සටහන් කරා
නුඹ දුරකතන අංකය
නොකීවට මුවින් කිසිවක්
එවෙලෙහි මා නුඹට
තැබුවා පිළිතුරක්
නුඹ දුරකතන අංකයට
ආදරෙයි මාද නුඹට.....
මා හිනැහුනා,
මා සැනසුනා,
මා තුටු වුනා,
මා පෙමි කරා
ඒ නුඹ නිසා...
නොසිතු එක් මැයි මහක
දෙදරවා මා පෙමි ලොව
නුඹෙි එක් වරදකට
වුනා මා වැරදිකාරිය
ලෝකය ඉදිරිපිට
මා හැඬු තරමි,
මා විඳවු තරමි,
මා දුක් වු තරමි
ඒ නුඹ නිසා...
අද මා තැනකය
නුඹ කොහේ කොතැනද
නමුදු අදටත් බැරිය මා හට
හිතෙහි ඇති ලෙංගතුකමට
කරන්නට වෛර නුඹට..........!

චතූ වීරසේකර.










Copyright © 2021 Nisadas | Powered by Arvin Apps