sad danu 5 years ago 95 3 4

Nisadas Image

නුඹ නිසා.....

එකම එක දවසක
ඉර බසින සැන්දෑවක
සිටින විට මා හුදකලාවක
පැමිණියා නුඹ මා වෙතට
ආදරෙයි මා නුඹට
පැවසුවා එබි මා දෑස් දෙසට
ඔය තරමි ලස්සන දෑස්
දැක නොමැත වෙන කොහෙදිවත්
පැවසුවා නුඹට මතකද?
දෙනොදහක් දෑස් මැද
බලෙන්ම වාගේ ගෙන මා සුරත
සටහන් කරා
නුඹ දුරකතන අංකය
නොකීවට මුවින් කිසිවක්
එවෙලෙහි මා නුඹට
තැබුවා පිළිතුරක්
නුඹ දුරකතන අංකයට
ආදරෙයි මාද නුඹට.....
මා හිනැහුනා,
මා සැනසුනා,
මා තුටු වුනා,
මා පෙමි කරා
ඒ නුඹ නිසා...
නොසිතු එක් මැයි මහක
දෙදරවා මා පෙමි ලොව
නුඹෙි එක් වරදකට
වුනා මා වැරදිකාරිය
ලෝකය ඉදිරිපිට
මා හැඬු තරමි,
මා විඳවු තරමි,
මා දුක් වු තරමි
ඒ නුඹ නිසා...
අද මා තැනකය
නුඹ කොහේ කොතැනද
නමුදු අදටත් බැරිය මා හට
හිතෙහි ඇති ලෙංගතුකමට
කරන්නට වෛර නුඹට..........!

චතූ වීරසේකර.




Comments (4)

Arvin Jayanake 5 years ago Nice...?

sad danu 5 years ago Thanks

Githsara Saditha 5 years ago Ftt

✍️Nilushi Nisansala✍️ 4 years ago ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps