sad danu 5 years ago 137 2 0

Nisadas Image

තනි තරුව

සඳ නෑ ඔහේ අද
කොහේදේා හැංගිලා
සුපුරුදුයි තනිය මට
තනි තරුව වු නිසා
බසින්නට කලින් ඉර
හිනැහෙන්න සැරසිලා
සඳ නිරිඳු වඩිනතුරු
බලයි පෙරමග සදා
පායන්න පායන්න
අඳුරු ගැබ බබලවා
තනි තරුව වී ඉන්න
නොහැක මට දිවි තුරා
අමාවක කළුවරට
අදින් පසු තිත තියා
පසළොස්වකක් වී
පායන්න තනි මකා....

චතූ වීරසේකර


Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps