sad danu 5 years ago 151 3 4
දෑතේ විරිය යනතුරු මතු හැමදාම
මා උස්මහත් කර හැදුවැඩුවා මදිද
කරඳඬු වැඩි වැඩිහිටියන් වුවාට
සිතුවේ පොඩි එවුන්යැයි හැමදාම
රතු ලෙය කිරට හැරුනට පුදුමයක් නොවේ
එ් තරමට වැඩි සෙනෙහස නුඹෙ පපුවේ
දරුපෙම නිසයි දෑසට කඳුළැලි ඉනුවේ
අම්මේ නුඹයි මාගේ ප්‍රාණය වූයේ
දුන්දාා දෑස් මට මේ ලොව දකින්නට
සතුටට අඬන්නැති අම්මේ නුඹ එදින
ජීවන ගමන ඉදිරියටම ගෙන යන්න
නුඹ දුන් විරිය සැමදා සිහි කරමි මම
රැජිනක් ලෙසින් වැජඹී මුළු දිවිය පුරා
සසරේ හුරුපුරුදු සෙනෙහස දී සැමදා
උණුසුම දැනේ තාමත් නුඹ දුන්න එදා
ආසයි නුඹ් ළඟ දැවටී ඉන්න සදා
මහසයුරට වඩා වැඩි ඇති නුඹ දුන්න සෙනේ
එය සම කරන්නට කිසිවක් නෑ මෙලොවේ
මතු බුදුවන්න පැතුවත් මේ සසර භවේ
හැකිදෝ තව වරක් වන්නටඅම්මා මගේ
චතූ වීරසේකර
Saduni Sadu 5 years ago 0
Nipun Sameera 5 years ago අනිවාර්යයෙන්ම
sad danu 5 years ago ?
✍️Nilushi Nisansala✍️ 5 years ago ?