Dila ????
3 months ago
46
1
5
61.
ප්‍රේමණීයම දවස් කොපමණ
තිබුනාද ඔබ මා අතර
පහද පහදා නොකීවට
පුංචිම පුංචි බැල්මකින් පවා මත්වුන...
ඔයා ලස්සනම කහපාට ගවුමට
ලා රෝස පාට සෙරෙප්පු කකුලට
යාන්තම් තුරුලු වෙද්දීම පපුවට
ආදරේ ඉතිරුනා සසරේම හුරුවට...
ජීවිතේ කියන්නේම කෙටිම කෙටි හුස්මක්
අල්ලලා නවත්තා ගන්න බැරි ගැස්මක්
නතර වූ පසු හිතක් ලගක ඇස් බැල්මක්
ආයෙමත් ගත්තොතින් හිතක වේ තැල්මක්...
ඔයා ලග තිබුනා කතා කෝටියක්
මම ලග තිබුනේම කෙටි ශබ්ද කෝශයක්
නිහඩ බව ආදරේ මිස නෙවේ දෝශයක්
ගිරවියෙක් නොබැදේද බස්සෙකුට ප්‍රේමයක්...
ආදරේ හරි මිහිරියි
ඒ අපි පොඩි දවස්වල
ජීවිතේ දැන් තේරෙයි
දැන් අපි ලොකුයි හිත් වල...
මතක කෝකත් එක වගෙයි
අමතක කරනු බැරි හිත්වල
ජීවිතේ මේ ගෙවෙන්නෙත්
වටිනාම වටින තප්පර...