Dila ???? 1 year ago 37 5 6
අහසක් දිනෙක මහ වැස්සක් බිමට හලා
සුසුමක් හෙලා හිටියා පැත්තකට වෙලා
තරුවක් දෙකක්වත් නැති ඒ අහස දිහා
වරුවක් බලා හිටියා මම දෙනෙත් අයා..
කදුලක් ඇවිත් නොකියම නෙත් දෙකට වෙලා
සුසුමක් සමග හාදව මට විහිළු කලා
සදටත් හොරෙන් කළුවරකට මුවා වෙලා
නුඹේ නමට වැටුනු කදුළු එකතු කලා..
ගොම්මන් අදුර තනිකම ළග මතක තියා
හිරු නැති ලොවක අද දවසත් ගෙවිලා ගියා
හීනයේ මතක දොරකඩ ළග දෑස් අයා
තාමත් බලා ඉමි යලි අපි හමු වේවී කියා..
Deesha(දීෂා)❤️ 1 year ago ? ගොඩක් ලස්සනයි... ආයෙම දවසක හමුවෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා රනවා ❤️
Dila ???? 1 year ago ගොඩක් ස්තූතියි දීශා අක්කේ ❤️?
Naween Perera 1 year ago ලස්සනයි නංගී ❤️
Dila ???? 1 year ago ස්තූතියි නවීන් අයියේ ?
චතූ 1 year ago හරිම ලස්සනයි ❤?
Dila ???? 1 year ago ස්තූතියි චතු ❤️