Dila ???? 9 months ago 100 3 2

Nisadas Image

66

තබා හිස උරහිසේ
හුරු සුවඳ සොයන්නද
ඔබ දකින තුරු දැනෙන
සිතේ ගිණි නිවන්නද

නොකී ඒ කවිය
මම කවදාක කියන්නද
මහ ගොඩක් ඉතිරෙන්න
ආදරේ එවන්නද?

නෙත් කවුළු පුරා රැඳි
තෙත රැඳෙන්නට නොදී
හැමදාම මගහැරෙන
කාළයත් දුක් විඳී

දුර ගමන් මග මිසක
විඩාවක් වනු නොදී
ඔබ ළඟම නවතින්න
මේ සසර මට මදී...


Comments (2)

Mahesh Niroshan 7 months ago wonderful ❤️❤️❤❤❤

Naween Perera 5 months ago ❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps