Dila ???? 2 years ago 140 7 6

Nisadas Image

56.

ඉතින් අවසර යන්න සමුගෙන
හදේ දොරගුළු කඩා බිද ගෙන
කදුළු තැවරුණු මතක හිත් පොත
තුරුළු කරගෙන මියෙමි දිනයක..

මගේ මළගම කන වැකුණු විට
කඩා බිදගෙන සොදුර එනවද
මගේ තනියට සොහොන් කොත ළග
ඔබේ කදුළක් තියා යනවද..

නිතර ඇස් යට රැදුණු ඔය රුව
සසර මතුවට පතා එන්නද
අපට වැරදුන ආදරේ මඟ
සොයාගෙන අප නැවත ළං වෙමුද..

Comments (6)

Deesha(දීෂා)❤️ 2 years ago ?? අනේ..... හදවතට දැනෙන වචන...?❤️

Dila ???? 2 years ago ගොඩක් ස්තූතියි දීශා අක්කා ❤️

ශශී❤️? 2 years ago ගොඩක් ලස්සනයි ❤️

Naween Perera 2 years ago ලස්සනයි නංගි

Dila ???? 2 years ago ගොඩක් ස්තූතියි ශශී අක්ක, නවීන් අයියා ❤️❤️

චතූ 2 years ago ගොඩක් ලස්සනයි ❤?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps