Dila ???? 8 months ago 136 1 2

Nisadas Image

67.

සඟවා දමන්න සඳවත
දුක් සුසුම් මැද
මේ දැනෙන පාළුව
අර පෙනෙන දුර
කඳු මිටියාවතෙහි

හිස තියාන ඔහු ළය මත
තරු ගණින දවසක් එනවා
ළගදීම ඒ කඳු මුදුන් ඉමේ

වසන්තය අහිමි හිත් මත
මල් පිපෙන්න පටන් ගෙන
ඵල දරන්නට නියමිත
බැවින් අවාරයේ

එතැන් සිට...
කඳුල නුඹ
මා, අතැර යා යුතුය

ඉඩදී...
හිනැහෙන්න
හිත් පුරා මට නිදහසේ !

Comments (2)

Naween Perera 7 months ago ❤️

H.P.M Didula Pahasara 2 months ago ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps