1,735 Total Nisadas Found





තූර්යා ඉඳුවරී 4 years ago 102 5 0

Nisadas Image

සිතන්නට යමක්...

මේ රටේ අනාගතය ගැන කතා කරන
දේශපාලඥයන් තර්ක කරන්නේ සැබැවින්ම රටේ යහපත වෙනුවෙන්ද.....???

අනාගත ශ්‍රී ලංකාව ??
පලස්තීනයේ
ගාසා තීරය වගේ වේවිද???
එසේත් නැතිනම්
මෙගා සිටි වලින් පිරුණු
රටක් වේවිද???

ඉංග්‍රීසි පාලකයින්ගෙන් පසු
රට වෙනස් කරන
කිසිදු ව්‍යාපෘතියක්
ඌණ සංවර්ධිත
සමාජ ආර්ථික ඓතිහාසිකත්වයකින්
සාර්ථකත්වය කරා
ගෙන යාමට
නොහැකි වූයේ ඇයි....????

1970 සමඟි ආණ්ඩුවත්
1977 ජේ.ආර් ගේ ධර්මිෂ්ඨ සමාජයත්
ලංකා පොළව මතදී
තම මෙගා ප්‍රොජෙක්ට් ඇණගෙන
මරු වැළඳගත්තේ ඇයි...???

නොදත් අනාගතයක
දොරටුව අභියස සිටින අපට
ඉදිරි මාස කිහිපය
තීරණාත්මකය..

අවදියෙන් සිටින්න..
මේ නිමේෂය
අප බොහෝ දෙනෙකුගේ
දෛවය තීරණය කරන
මොහොතකි....

??තරූ සමනළී??

Anu anu 4 years ago 76 0 0

Nisadas Image

ආදරය

ආදරය කියන්නෙ ගිමන් හරින නවතැන්පලක් වැන්න .?

කොයි වෙලෙ විඩා වී ගිමන් හැරීමට නවතීද? ?කොයි වෙලෙ විඩා නිවී අතහැර යයිද ? කව්රුත් දන්නෙ නැත .

නමුදු .....
ආදරය නැමැති නවාතැන්කරුවා එහි විඩා නිවාගන්නා කාලයේදී ගොඩක් ආදරයෙන් සතුටින් සුන්දරව එම නවාතැන්පල රැකබලා ගනී.❤️❤️❤️❤️

ඒ වගේම ...
එම නවතැන්කරුගෙ විඩාව නිවුනු පසු ඔහු මේ නවතැන්පල දමා යන්නේ ආපසු ඒ දෙස එක් වරක්වත් හැරී නොබලාමය.

ඒ නිසා ..
මෙම නවාතැන්පල කොපමණ දුක් වන්නේද ඒ තරමටම ඊටත් වඩා එහි නවාතැන් ගෙන සිටි නවතැන්කරු සතුටු වන්නේ ය.

මන්ද යත්
එම නවාතැන්කරුට ගිමන් හැරීම සදහා අලුත් නවතැන්පලක් හමු වී ඇති නිසාවෙන්‍ ය.

මෙලෙස
නවතැන්කරුවන් කොපමණ නවාතැන්පලවල් අතහැර දමා අලුත් නවාතැන්පලවල් සොයා යන්නේද???







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps