Sandu U Nanayakkara 4 years ago 126 2 4

Nisadas Image

සිනහා බැලුන්..?

"දෙඅතට ගත් සිනහා බැලුන්
දෙපස වැනෙයි-නැවත වැනෙයි..
රුදුරු සුළග පමණි ඔහුට..
නැත සුමට සිනිඳු මල් මාවත්..
යා යුතු මඟ රිදවාවී..
සිනිදු පාද..
ඇති-හැකි මැති නෝනලාට..
විකුණාවී ඔහු මුදලට..
ලැබුනොත් පමණි මුදල් යසට..
රැකගන්නේ බඩගෝස්තරය..
අව්ව- වැස්ස හුරු උනාට..
දැරිය නොහැක හිතේ ගින්න...
බොඳව ගියපු ළමා ලෝකේ..
මල් පූදිනවා දකින්න..
එහෙත් ඔහුට තව දුර ඇත..
මිලට ගන්න..
"සිනහා බැලුන්....සිනහා බැලුන්..."

සඳූ..


Comments (4)

✍️Nilushi Nisansala✍️ 4 years ago Nice ?

තූර්යා ඉඳුවරී 4 years ago ලස්සනයි අක්කි පණ..????

Sandu U Nanayakkara 4 years ago ස්තුතියි

Deesha(දීෂා)❤️ 4 years ago ❤️?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps