තූර්යා ඉඳුවරී 4 years ago 94 4 5

Nisadas Image

????????

තාරකාවක් හඬා වැළපෙන
කඳුළු නුඹගැබ සඳ අරාගෙන
සීත තුන්‍ යම හීන බිඳගෙන
නුඹේ සිත අද මගෙන් සමුගෙන...

නීල කඳු තුඩ විහඟ ගී නද
පෑව ගියත් එක නිමේශයකින්
නුඹේ වත මට පුරසඳක් වූ
අනන්තය අද තවම මා ළඟ...

නුඹේ අසපුව දුරින් සිත අග
මගේ අසපුව විලක් හද තුළ
නෙලන්නට මල් සුපිපි තුරු හිස
නුඹ මලක් මට හදම මත් කළ...

නුඹේ හිරු ලොව මගේ හිරුමය
රැයේ සඳු ඔබ මගේ සඳුමය
දෑල තෙර හිඳ හමුවුණේ එය....

??තරූ සමනළී??

Comments (5)

Gihani 4 years ago ලස්සනයි අක්කියෝ...???

තූර්යා ඉඳුවරී 4 years ago තෑන්ක්ස් මැණික

Dammika Kumara 4 years ago Good

සිතුවිලි පාරමී 4 years ago Nice ❤

Deesha(දීෂා)❤️ 4 years ago ?❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps