Ranatunge Jayawardene Nisadas Count (19)
Ranatunge Jayawardene 6 months ago 33 0 0
ප්රශ්න ප්රශ්න මටම මමම මමම මටම ප්රශ්න ප්රශ්න *** කවද, කෙලෙස ඉවර කරමු කුමන ලෙසක ඉවර කරමු එහෙම කරල කොහොම වසමු එහෙම කරල කුමට වසමු *** ප්රශ්න ප්රශ්න .. ඉන්න ප්රශ්න ! ඉන්න, ඉන්න .. ප්රශ්න ප්රශ්න ? *** ඇතුවත් බෑ; නැතුවත් බෑ ප්රශ්න නැතුව ගතියක් නෑ.. ප්රශ්න නැතුව ගමනක් නෑ... ~~~~~~~~~~~~~~~~~ රනේ/19ඔක්23/ප්රශ්න
Ranatunge Jayawardene 7 months ago 116 0 0
දර දමා රොඩු දමා තැබූ ගිනි නිවුන දා ගියේ කොහි ගිනි දැල්ල ? *** නැති වුනා තොර වුනා කෙලෙස් දර කෙලෙස් රොඩු ඇවිල වූ සසර ගිනි. ~~~~~~~~~~~~~~~~~ රනේ/17ඔක්23/ සසර ගිනි
Ranatunge Jayawardene 7 months ago 117 0 0
දුර ඉඳන් බැලුවට, මං කොහොමෙයි ඉල්ලන්නෙ කාටවත් ගරුසරු නැති උඹෙන්, සිහිලක්? ________________________ රනේ/12ඔක්23/ ගිණිකන්ද
ජීවිතය බැර කරන් දිනා ගත් වත්කම ම මා දෑස ඉදිරියෙම ක්ෂය කළද ඔබ සබඳ +++ නික්ම යාමට ප්රථම ඔබව හිමිකමක් වී තිබු කාලය ගැන ම සිතමි මම නිරතුරුව. +++ වග කීම පැහැර හැර දිග කාල රාමුවක ගෙවූ වියදම් දිවිය අසමතුලිතව දමා මට ද යා යුතුව ඇත. +++ අය පසද වැය පසද සමව හිමි නොවන බව ඔබ මෙන්ම ප්රිය සබඳ දනිමි මා ස්ථිර ව. +++ අලාභය මා සතුය ලාභ ගෙන යා හැකිය දිවිය තුල ඔබ දකින ශේෂ මේ ව්ය යුතුය. _____________________ රනේ/28මාර්තු20/ගිණුම
Ranatunge Jayawardene 7 months ago 57 0 0
මා පැරදුවා මම ඒ මා නිසා නොව ඒ ඔබ නිසා ~~~~~~~~~~~~ රනේ/11ඔක්23/කැපවීම
Ranatunge Jayawardene 7 months ago 80 1 0
සය දොරින් පිවිසිලා වේදනා නාමයෙන් සන්නමක් ගොතාලා සංඛාර හැදී ලා විඤාන පෙළහරින මිරිඟු වේ දැවි දැවී වෙලී ලා එරී ලා අවිද්යා මම ම වෙද? දෘෂ්ඨියෙන් වෙලි වෙලී සදාතන නිරුදකේ මාර සෙනගත් සමග දුකම සතුටක් බවට පිළිගෙනම සිටින්නේ අන්ධ වී, බිහිරි වී. ~~ ~~ ~ ~~ ~ ~ ~ ~ ~ ~ කතර/03ඔක්2021/රනේ
Ranatunge Jayawardene 7 months ago 68 0 0
ගත රැලි තරමට ලෙඩ නැති සිත මේ මොහොතෙත් මා අත නොහැරම රහසෙන් පවසයි නිතරම මට අවසන් කරමු ද යා හැකි දුර ? ---------------------------------- රනේ/09ඔක්2021/වියපත් නැති සිත
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps