Ranatunge Jayawardene 9 months ago 220 0 0

Nisadas Image

ගිණුම

ජීවිතය බැර කරන්
දිනා ගත් වත්කම ම
මා දෑස ඉදිරියෙම
ක්‍ෂය කළද ඔබ සබඳ
+++
නික්ම යාමට ප්‍රථම
ඔබව හිමිකමක් වී
තිබු කාලය ගැන ම
සිතමි මම නිරතුරුව.
+++
වග කීම පැහැර හැර
දිග කාල රාමුවක
ගෙවූ වියදම් දිවිය
අසමතුලිතව දමා
මට ද යා යුතුව ඇත.
+++
අය පසද වැය පසද
සමව හිමි නොවන බව
ඔබ මෙන්ම ප්‍රිය සබඳ
දනිමි මා ස්ථිර ව.
+++
අලාභය මා සතුය
ලාභ ගෙන යා හැකිය
දිවිය තුල ඔබ දකින
ශේෂ මේ ව්ය යුතුය.
_____________________
රනේ/28මාර්තු20/ගිණුම

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps