Vosandi Dissanayake Nisadas Count (34)
Vosandi Dissanayake 1 year ago 23 5 5
සීත වැහි බිදු වැටෙන සමයේ සුසුම් පොද යයි පාව අහසේ මටම නොපෙනෙන රූපෙ නුඹගේ හදවතින් ඇද ගන්නේ කෙලෙසේ නොහිමි මගෙ නෙත යුග වෙතට ජීවය දෙන්නට පැමිණි ඒ මනරම් ළද කවද දැකුමට හැකිවෙද දැනුනි මට නුඹෙ හදවත නොපෙනුනත් මගෙ නෙත් යුග කවද හෝ මතු දිනයෙක දකිමි ලෝකය මේ මම දකින රූපය නුඹගෙ වේවා ඇසෙන කටහඩ ඔබගෙ වේවා පළමු පෙම මගෙ ඔබගෙ වේවා සදාකල් ඔබ මගෙම වේවා
Vosandi Dissanayake 1 year ago 25 3 3
සද කිරණ යට පිපුණු සේපාලිකා මල් පොකුර රෑ අහසේ කෙළවරට සුවද පතුරයි දසත ගතට පොඩි රතු ගවුම ඇදගෙන හිසට සුදු තොප්පිය පැළදගෙන තාලයට පය තිය තියා නැලවෙන සේපාලිකා මල ඔබයි හිනැහෙන පාට යුවලක් එකට කැටිවුන මලක් වේ ඔබ සේපාලිකා සුවද විහිදන පාට විසිරෙන මගේ සිත ගත් බාලිකා
Vosandi Dissanayake 1 year ago 21 3 3
ජීවිතයයි ඔබ මගේ ජීවන ගමනේ රුකුලයි ඔබ , මුල් ගුරුතුමියයි ඔබ, දරා ගැනීමේ අවියයි ඔබ, සෙනෙහසේ නෞකාවයි ඔබ, සාගරය බදු දැනුම් උල්පතයි විටෙක දැඩි , විටෙක මෘදු ඔබ ප්රියජනකයි සංසාරයේ මගේ පැතුමයි ඔබ.
Vosandi Dissanayake 1 year ago 23 2 3
ආදරය කලාවකි අව්යාජයය හුදෙක්ම සොදුරු ජීවිතයෙහි නොනිමි නවාතැන්පලකි සොදුරු මනුෂ්යත්වයෙහි සංකේතයකි අදුර එළිය කරනා පහන් සිලකි නමුත් විටෙක කර්කෂ ජීවිතයෙහි සමාරම්භය වේ.
Vosandi Dissanayake 1 year ago 21 2 2
නොනිමි පැතුමන් තිබෙන්නට ඇති පයට පෑගී තිබෙන්නට ඇති වැටෙන්නට ඇති වැටි වැටි නැගිටින්නට ඇති ගසක් යට පරවෙන්නට ඇති පොළොවෙ මිහිදන් වෙන්නට ඇති
Vosandi Dissanayake 1 year ago 21 3 4
හිමිදිරි අරුණැල්ලෙන් විකසිත කුසුමක් සේ හීන විමානෙන් බැස පලයන් නැගණියේ...... අමාවකදාට අහස් ගැබේ ආලෝකෙන් මනමත් කරනා පුන් සදක් වෙයන් ලස්සන නැගණියේ...... පාට සරුංගල් අහස පුරා පාවෙයි නෙක නෙක රැගුම් පපා නොබලන් ඒ දෙස හැරී ඉතිං නැගණියේ...... මිනිසුන් ඇත මේ ලෝකෙ පුරා නෙක නෙක මායම් පෙන්නමිනා නොරැවටී ජීවිතය දිනන් නැගණියේ...... මා පියන්ට කීකරු වීලා ගුණ දහමින් පිරිපුන් වීලා සත්යට හිස නමන් නැගණියේ......
Vosandi Dissanayake 1 year ago 22 3 2
ඇහැල මල් විසිරුනු පොළොව මත තිබෙන බංකුවෙ ඉදන් හෙමිහිට තැනුව මතකද අපේ කූඩුව ලොවේ කොහෙවත් නොමැති විලසට බංකුවේ අප ඉදන් සවසට බැලුව මතකද හන්තානයේ සද ගිගිරි යුවලක් පය නොලාගෙන නැටුව මතකද සද කිරණ යට බංකුවේ අප ඉදන් හැමවිට පාට තේරුව අපේ නිවසට නමුත් තේරුව පාට නෑ අද අනේ ඇයි දැයි කියාපන් මට
Vosandi Dissanayake 1 year ago 24 3 2
පුංචි තැටියක තියාගෙන මම ගෙපිල තැබුවා ඔබට මතකද ගවුම් පොඩ්ඩක් අන්දවා මම ඔබේ හැඩ වැඩ බැලුවා සැමදින දිගැති කොණ්ඩය හැඩට ගොතලා කොණ්ඩ කට්ටක් ගැසුව මතකද පාට පාටින් රෙදි ගෙනත් මම ගවුම් මැසුවා ඔබට දෙන්නට ඔබේ මුහුණට පුයර දමලා පාට තෝඩුත් දැම්මා මතකද නමුත් අද මට යන්න වීලා දුරු රටක් වෙත ඔබව තනිකර
Vosandi Dissanayake 1 year ago 31 3 3
බොහෝ සුවදැති නේක පැහැ ඇති නෙත් පුරා මන බදියි මල් පෙති රේණු පිරෙනා ලොලය වඩනා කෑදරය බඹරුන් නේක රූ ඇති කාලෙකට එක් වරක් පිපෙනා පාට සුවදද දෙකම සැගවුණු ගුණ දහම් පිරි වතින් විකසිත වේය සැමදා ලොවට නොකියා මන බදියි රතු රෝස මල් විසිකරයි ගදපාන මල් එක් කරයි සැමට ඔවදන් වැඩි කරයි ඔබේ ගුණ දම්
Vosandi Dissanayake 1 year ago 21 2 3
නැගී එන කළු වළාවන්ට ඉඩදීලා පසුපසට වීලා නොයිද ඔබ ගල් ගැසී ඉදින් සිහ රජෙකු විලසින් පාවඑන කළු වලාවන් අල්ලගන්නට සිතුලෙසින් වරක් දෙවරක් සිතාපන් සුදුද කළුදැයි බලාපන් පිටත ඇත සුදු වළාවන් ඇතුළ ඇත කළු වළාවන් ඇතුළ පිට එක වළාවන් ඇති අයෙකු නිති සොයාපන්
දසමස කුසදරන් මෙලොවට බිහි කළ පුතුනි දෙතනට කිරි එරුනෙ ඔබ හින්දයි පුතුනි සෙනෙහස හදපුරා පැතුරුව මගෙ පුතුනි අම්මා ලෙසින් මා රජ කළ මගෙ පුතුනි දිව රෑ වෙහෙස වී රැකගත් මගෙ පුතුනි ගුණ නැණ බෙලෙන් පිරිපුන් මගෙ පුතුනි කරදඩු උස්වුවත් පින්බර මගෙ පුතුනි ඔබ මට තවම නොතැලුනු කුසුමකි පුතුනි කබායක් ඔබ දමන් දවසක මගෙ පුතුනි රන් රුව ඔබේ දැකුමට මගෙ පොඩි පුතුනි ගත සිත සරියි පෙරටත් වැඩියෙන් පුතුනි අම්මා මමයි ඔබ බිහිකළ මගෙ පුතුනි
Vosandi Dissanayake 1 year ago 22 2 2
මගෙ සීයා හිදගත් වෙල ළග කොටේ උඩ ඉදගෙන ගොතමි කවියක් මම රටාවට සීතල දැනෙන විට මද සුළගේ මෙමට හැකිදෝ එසද පදවැල් එක්කරන්නට සීයා මගේ නිදියපු පොඩි යුගල් ඇද දිරලා යනව ඒ සමගම පඩික්කම කවදත් රතුපාට ඔබෙ ඔය බුලත් කට තවමත් මතකයට එයි දුටු විට පඩික්කම වෙනදට ගරාජයෙ ඇසෙනා මහ සද්දේ අනේ ඉතිං දැන් කොහි සැගවී ගොස්දෝ මගෙ සීයා නැතිව ගෙවෙනා අවුරුදු හතර වෙනස් වෙලා සීයගෙ ගෙදරත් අවට ගෙදර ඉදිරියේ තිබෙනා ලොකු බෙලි ගස දකින විටම සිහිවේ ඔබෙ රුව මෙමට එහිම තිබෙන මනරම් කඩුපුල් පොකුර සැමදා සොයයි ඔබ නැති මේ කළුවරේ සිට නිවස පහළ තිබෙනා නිල් දිය අගල ඊට පහළ තිබෙනා රන් ගොයම් කෙත සිසිලස වැඩි කරයි සීයගෙ ගේ ඇතුළ සීයේ ඔබ කොහිද කියලා කියනු මට
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps