Vosandi Dissanayake 2 years ago 73 2 3

Nisadas Image

කළු සුදු

නැගී එන කළු වළාවන්ට
ඉඩදීලා පසුපසට වීලා
නොයිද ඔබ ගල් ගැසී
ඉදින් සිහ රජෙකු විලසින්

පාවඑන කළු වලාවන්
අල්ලගන්නට සිතුලෙසින්
වරක් දෙවරක් සිතාපන්
සුදුද කළුදැයි බලාපන්

පිටත ඇත සුදු වළාවන්
ඇතුළ ඇත කළු වළාවන්
ඇතුළ පිට එක වළාවන්
ඇති අයෙකු නිති සොයාපන්

Comments (3)

Deesha(දීෂා)❤️ 2 years ago ලස්සනයි ?

නදී ..✍???? 2 years ago ලස්සනයි ❤️

Vosandi Dissanayake 2 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps