Sandu U Nanayakkara Nisadas Count (41)
Sandu U Nanayakkara 4 years ago 75 6 0
දුර ප්‍රේමයක් ඇත පරිස්සමක් නොවුණූ.. වෙලාවක් නොමැත හමුවීමට සිත් බැඳුණූ.. කල්-යල් බලා අමතයි නොමනා බමුණූ.. පතෝල මිනිසෙක් සේයි, නුඹ නම් මට ලැබුණූ.. රණ්ඩු කර බැන වැදී ඔහු හට ඵලක් නැතේ.. කතා නොකර සිටියත් එහි වැඩක් නැතේ.. කඩදහි ලිප දමා මෙන් සංවාදෙ ඇතේ.. ඔහුද නොදනිතේ කිසිවක් ලොවෙත් නැතේ.. ප්‍රේම බස් දොඩන්නේ නැත ඔහු බමුණූ.. කතාවක්-බහක් නැති බව අපි දනිමූ.. එහෙත් ප්‍රේම කළයුතු බව සිහි තබනූ.. තුරුණු විය ඔබෙයි මගෙ වෙයි බකමුණූ.. **සඳූ**
Sandu U Nanayakkara 4 years ago 75 5 8
දිනෙක දුටු දසුනක්.. රැගෙන මල් පොකුරක්.. සිනා නෙක අහුරක්.. විය අසල පන්සලක්.. ඇය සමඟ හිඳි කතක්.. විය මල් ගනුදෙනුවක්.. යුහුසුලු සිතක්.. නැත දුක් බවක්.. ජීවන බරක්.. ආගන්තුක බවක්.. දැකුමෙන් නැතේ මට.. අඩු බවක්.. ඈ කළු ලඳක්.. ඇත සුන්දර ගතක්.. ඇය..උස් හඬින් පවසයි.. දනන් නෙක්.. ""අනේ...අපෙනුත් ගන්න..මල්.."" **සඳූ**
Sandu U Nanayakkara 4 years ago 79 5 1
දරාගෙන දුක් ගැහැට.. නොනිදා ම තුන් රැය ම.. විඳි වේදනා අපමණ යි.. ගතට නැත නිවනක්.. සිතට නැත සෙවණක්.. හෙළූ දහදිය අපමණ යි.. නොවුන්නත් දසමසක් කුස දරා.. සමසිත් හි සිත දරා.. දුන් වෙර විරිය අපමණ යි.. කිරි වුණේ නැත ලේ නහර.. උණු වුණා පිතු ස්නේහේ ලේ නහර.. දුන් හුස්ම පොද අපමණ යි.. පුතෙකි..සොයුරෙකි.. වරෙක සැමියෙකි.. දුන්නු ස්නේහය අපමණ යි... පියෙකි..අද ඔබ දියණියක් ලැබ.. ලොවක් පූජිත සසර බැඳි මඟ.. ලැබූ පදවිය අපමණ යි.. ලැබූ ශ්‍රී සුබ උපන්දිනයක්.. රැගෙන ආසිරි හද බැතින්.. පතන්නෙමි නිදුකින් නිරෝගි ව.. දිනේවා..!මතු මතු යලිත්..** **සදූ**
Sandu U Nanayakkara 4 years ago 81 3 2
දවසෙන් තත්පරයක් වෙන් නොවෙච්ච්... හුස්ම ම සල්ලි වෙච්චි.. දෛවයෙන් මට ලියැවුණු හිස් පරිච්ඡේදයකි නුඹ.. සල්ලි ම ජීවිතය වෙච්චි.. යකඩ ලෝකය ම වෙච්ච්.. නුඹේ ඔය පපු ගැඹුරේ කොහොම නවතින්න ද මං..??
Sandu U Nanayakkara 4 years ago 89 8 1
හීන මෙතරම් ලස්සන නුඹ ඉන්න හින්දා හැම හීනෙක.. සොඳුරු පෙම ඇති සිත තුළ මතක් වෙන්නේ ඔබමය.. හීන අහුලන දෙනයන ඇහුලූ හීන අපමණ.. ඉතින් දැන් සොඳුර ..අහුලමු ඒ හීන එක්ව අපි දෙදෙන..
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps