✍️කවිකාරි ✍️ Nisadas Count (17)
✍️කවිකාරි ✍️ 3 years ago 90 3 4
පුරුදු විදිහට එදත් පුරහද පෑව්වා හන්තාන අහසට... සීතලේ අපි ලංව තුරුළු ව ගෙව්වා මතක ද අනුරාගී පැය... අනේ ඒ දවස් බොද කර වෙන් වුණා අපි හිතම සුන් කොට... පෙම් කෙරූ ඒ දවස් සිහිකර හන්තාන හද අදත් පායයි මගේ දෙස හොරහින් බලාගෙන... ...කවිකාරි...
✍️කවිකාරි ✍️ 3 years ago 90 7 6
හිත නිවන ඔසුසලය අති පරම මනරම්ය... දෙව් බබුන්ගෙත් පිදුම් ලබනා ලොව්තුරා ඒ පුණ්‍ය භූමිය... දෙනෝ දාහක් වැදුම් ලබනා... භූමියයි ඒ ගමේ පන්සල... ...කවිකාරි...
✍️කවිකාරි ✍️ 3 years ago 97 5 9
රිදෙන හදවතේ රිදුම් සගවා හැමදාම රෑ කදුලු බිව්වා... කවියෙකුට බැරි උනත් සනසන්න ඒ හිත.... මහ රෑට කලුවරට පුලුවන අඩන ඒ හිත සුව කරන්නට... ...කවිකාරි...
✍️කවිකාරි ✍️ 3 years ago 97 5 8
මතක අස්සෙම ගුලි වෙමින් මම සිහි කෙරුවේ නුබේ ගතේ රස්නෙයි... එදා නුබ හා දග කෙරූ ඒ ලවන් පෙති අද දුකින් හිනහෙයි... ජීවිතේ මගේ හුස්ම සැමකල් ඒ නුබයි මගේ හිමියනේ... ඉතින් යන්නට අවසරයි මට හුස්ම එක්කර වාතලේ... ...කවිකාරි...
✍️කවිකාරි ✍️ 3 years ago 263 5 8
අමාවක දවසකට කලුවරට රෑ අහස... සෙමින් ඉකිබිඳ හැඩුවා සදසාවි නැති සොවින... පුර පෝය ආ දාට මුළු අහස ලස්සනය... ඉතින් හරි හැඩකාර ගැළපීම එය නේද ?.... ...කවිකාරි...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps